ඩුබායි හි පිහිටි ඉදිකිරීම් සමාගමක සේවක වැටුප් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් එහි හිමිකරුට ඩිරාම් මිලියන 1.075 ක දඩයක් නියම කර ඇති බව එමිරේට්ස් නීතිපති දෙපාර්​තමේන්තුව පසුගියදා ප්‍රකාශ කළේය.

ඩුබායි නීතිපති දෙපාර්​තමේන්තුව විසින් සමාගමේ අධ්‍යක්ෂවරයා​ට කම්කරුවන්ගේ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා කරමින් උසාවියට යොමු කරන ලදී. ආයතනයේ සේවක සේවිකාවන් 215 දෙනෙකුට මාස දෙකක් වැටුප් ලබා දී නොමැති බව මෙහිදී අනාවරණය විය.

සමාගම තුළ පවතින මූල්‍ය අභියෝග හේතුවෙන් තම කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීමට නොහැකි වූ බව විත්තිකරු පිළිගෙන ඇති බව අධිකාරිය පවසයි.

නඩුව ඇසීමෙන් පසු, සෑම සේවකයෙකු සඳහාම ඩිරාම් 5,000 ක දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය සමාගම් හිමිකරුට නියෝග කළේය – එය ඩිරාම් මිලියන 1.075​ක දඩයක් විය.

Share.

Comments are closed.

Exit mobile version