Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඩුබායිහි ඊද් නිවාඩු සඳහා වාහන නැවැත්වීම නොමිලේ, පොදු ප්‍රවාහන වේලාවන් නිවේදනය කරයි
Events

ඩුබායිහි ඊද් නිවාඩු සඳහා වාහන නැවැත්වීම නොමිලේ, පොදු ප්‍රවාහන වේලාවන් නිවේදනය කරයි

වාහන නැවැත්වීමේ පර්යන්ත හැර, සියලුම පොදු වාහන නැවැත්වීමේ ඉඩ නොමිලේ වේ
Stanly KularathnaBy Stanly KularathnaJune 26, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) ඊද් අල් අදා නිවාඩු කාලය තුළ සිය සියලුම සේවාවන්හි මෙහෙයුම් වේලාවන්හි වෙනස්කම් නිවේදනය කළේය.

Eid Al-Adha නිවාඩුවෙන් බලපෑමට ලක් වූ RTA සේවාවන් අතර පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන, ගෙවන වාහන නැවැත්වීමේ කලාප, පොදු බස් රථ, ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ, සමුද්‍ර සංක්‍රමණ ක්‍රම සහ වාහනවල තාක්ෂණික පරීක්ෂණ කරනා ස්ථානයන් ඇතුළත් වේ.

වාහන නැවැත්වීම

වාහන නැවැත්වීමේ පර්යන්ත හැර, සියලුම පොදු වාහන නැවැත්වීම ජුනි 27 සිට 30 දක්වා නොමිලේ වේ.

පාරිභෝගික සතුට මධ්‍යස්ථාන

පැය 24 පුරා විවෘතව පවතින Al Kifaf Happiness Center හැර අනෙකුත් සියලුම පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන ජුනි 27 සිට 30 දක්වා වසා තැබේ. Umm Ramool, Deira, Al Barsha, සහ RTA ප්‍රධාන කාර් යාලයේ Smart Customers Happiness Centers ද සුපුරුදු පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

මෙට්රෝ සහ ට්‍රෑම් රථ

මෙට්‍රෝ පහත පරිදි ක්‍රියාත්මක වේ: ජූනි 23-24, 26-30 සහ ජූලි 1 දිනවලදී, මෙට්‍රෝ සේවාව උදේ 5 සිට පසුදා අළුය​ම 1 දක්වා ක්‍රියාත්මක වේ. ජූනි 25 සහ ජූලි 2 යන දිනවලදී, මෙට්‍රෝ වේලාව උදෑසන 8 සිට පසුදා අළුය​ම 1 දක්වා වේ.

ට්‍රෑම් රථ

ජූනි 23-24, 26-30 සහ ජූලි 1 දිනවල උදේ 6 සිට පසුදා අළුය​ම 1 දක්වා. ජූනි 25 සහ ජූලි 2 යන දිනවල, ට්‍රෑම් රථ වේලාව උදෑසන 9 සිට පසුදා අළුය​ම 1 දක්වා වේ.

සේවා සපයන්නන්ගේ මඨ්‍යස්ථාන

සියළුම වාහන තාක්ෂණික පරීක්ෂණ සේවා මධ්‍යස්ථාන සහ පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන ජුනි 27 සිට 30 දක්වා වසා තැබේ.

පොදු බස්

ඩුබායි තුළ පොදු බස්රථවල වේලාවන් පහත පරිදි වේ:

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදෑසන 04:30 සිට පසුදා 12:30 දක්වා,

සිකුරාදා උදෑසන 05:00 සිට පසුදා අළුය​ම 01:00 දක්වා සහ සෙනසුරාදා සහ ඉරිදා උදෑසන 06:00 සිට පසුදා අළුය​ම 1:00 දක්වා.

දැනට ක්‍රියාත්මක වන අන්තර්-නගර බස් මාර්ග වන්නේ: (E16) අල් සබ්කා සිට ​හත්තා දක්වා, (E100) අල් ගුබයිබා සිට අබුඩාබි දක්වා, (E101) ඉබන් බතූතා සිට අබුඩාබි දක්වා, (E102) ඉබන් බතූතා සිට අල් මුසාෆා දක්වා, ( E201) Al Ghubaiba සිට Al Ain දක්වා, (E303) යුනියන් ස්ටේෂන් සිට සාජාහි Al Jubail දක්වා, (E306) Al Ghubaiba සිට සාජා හි Al Jubail දක්වා, (E307) City Center Deira සිට සාජාහි Al Jubail දක්වා, (E307A) අබු හේල් සිට සාජාහි අල් ජුබයිල් දක්වා, (E315) එටිසලාට් දුම්රිය ස්ථානයේ සිට සාජාහි මුවයිලේ දක්වා, (E400) යුනියන් ස්ටේෂන් සිට අජ්මාන් දක්වා, (E411) එටිසලාට් දුම්රිය ස්ථානයේ සිට අජ්මාන් දක්වා සහ (E700) යුනියන් ස්ටේෂන් සිට ෆුජයිරා දක්වා ​වේ.

සමුද්‍ර ප්‍රවාහන

ජල බස්

Dubai Marina (BM1) – Marina Walk (සහ අනෙක් අතට) ප:ව: 12:00 සිට පසුදා පෙ:ව:12:11 දක්වා,

Marina Promenade – Marina Mall (සහ අනෙක් අතට) සවස 04:11 සිට රාත්‍රී 11:17 දක්වා,

Marina Terrace – Marina Walk (සහ අනෙක් අතට) සවස 04:08 සිට රාත්‍රී 11:16 දක්වා,

සහ සම්පූර් ණ සේවා​ව සවස 04:08 සිට රාත්‍රී 10:56 දක්වා.

ජල ටැක්සි

Marina Mall – Bluewaters (BM3) සවස 04:00 සිට රාත්‍රී 11:40 දක්වා ඉල්ලුම මත සවස 03:00 සිට රාත්‍රී 11:00 දක්වා. පාරිභෝගිකයින් කලින් වෙන්කරවා ගත යුතුය.

අබ්‍රා

Dubai Old Souq – Baniyas (CR3) පෙ:ව: 10:00 සිට රාත්‍රී 11:20 දක්වා,

Al Fahidi – Sabkha (CR4) පෙ:ව: 10:00 සිට රාත්‍රී 11:25 දක්වා,

Al Fahidi – Deira Old Souq (CR5) සිට: පෙ:ව: 10: 00 – රාත්‍රී 11:25 දක්වා,

Baniyas – Seef (CR6) සිට: පෙ:ව: 10:00 – රාත්‍රී 11:57 දක්වා,

Dubai Festival City – Dubai Creek Harbour (CR9) සිට: සවස 04:00 – රාත්‍රී 11:20 දක්වා,

Al Jaddaf – Dubai Festival City (BM2) සිට: පෙ:ව: 8:00 am – රාත්‍රී 11:30 දක්වා,

Dubai Old Souq – Al Marfa Souq (CR12) සිට: සවස 4:20 – රාත්‍රී 10:50 දක්වා,

Deira Old Souq – Al Marfa Souq (CR13) ) සවස 4:05 සිට රාත්‍රී 10:35 දක්වා,

සහ සංචාරක සේවය Sheikh Zayed Road Station (TR6) වෙතින් සවස 4:00 සිට රාත්‍රී 10:15 දක්වා.

ඩුබායි තොටුපළ

Al Ghubaiba – Dubai Water Canal (FR1) ප:ව: 1:00 සිට සවස 6:00 දක්වා,

Dubai Water Canal – Al Ghubaiba (FR1) ප:ව:  2:20 සිට සවස 7:20 දක්වා,

Dubai Water Canal – Bluewaters (FR2) ප:ව: 1:50 pm සිට සවස 6:50 දක්වා,

Bluewaters – Marina Mall (FR2) ප:ව: 2:50 සිට සවස 7:50 දක්වා,

Marina Mall – Bluewaters (FR2) ප:ව: 1:00 සිට සවස 6:00 දක්වා,

Bluewaters – Dubai Water Canal (FR2) ප:ව:1:15 සිට සවස 6:15 දක්වා,

සහ සංචාරක සේවාව Marina Mall (FR4) සිට පෙ:ව: 11:30 සිට සවස 4:30 දක්වා

සහ Al Marfa Souq – Al Ghubaiba (CR10) සවස 6:15 ට රාත්‍රී 9:45 දක්වා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article215 දෙනෙකුට මාස 2ක වැටුප් නොගෙවීම නිසා සමාගම් හිමිකරුට ඩිරාම් මිලියනයකට අධික දඩයක්
Next Article Eid Al Adha සහ ගිම්හාන නිවාඩුව​ට UAE ගුවන් තොටුපළ මගීන් මිලියන 5කට පහසුකම් සපයයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.