Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ඩුබායි රේගුව මත්ද්‍රව්‍යවලට එරෙහි සටන් තීව්‍ර කරයි
Uncategorized

ඩුබායි රේගුව මත්ද්‍රව්‍යවලට එරෙහි සටන් තීව්‍ර කරයි

Stanly KularathnaBy Stanly KularathnaJune 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි රේගුව සෑම වසරකම ජුනි 26 වන දින මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය සමරනු ලබනවා. පසුගිය වසර කී​පය තු​ල ඩුබායි රේගුව මත්ද්‍රව්‍ය භාවිතය සහ නීතිවිරෝධී ජාවාරමට එරෙහිව සටන් කිරීම තුලින් සුවිශේෂී ජයග්‍රහණයන් කී​පයක් වාර්තා කර තිබෙනවා.

පසුගිය වසර තුන තුළ (2020-2022), ඩුබායි රේගුව තහනම් සහ ඉහළ අවදානම් සහිත මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමට එහි උපායමාර්ගික කැපවීම පිළිබිඹු කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට ගත් උත්සාහයන් 2600 කට වැඩි ප්‍රමාණයක් සාර්ථක ලෙස ව්‍යර්ථ කොට තිබෙනවා.

මෙම ජයග්‍රහණය දේශීය, කලාපීය සහ ගෝලීය ආරක්ෂාව සහ ස්ථාවරත්වයට දායක වෙමින් ගෝලීය වශයෙන් ප්‍රමුඛ ආරක්ෂිත රේගු අධිකාරියක් වීමේ ඩුබායි රේගු දැක්ම සමඟ සමපාත වේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්‍ෂක ස්ථායිතාව මුල්කොටගෙ​න ආයෝජන ආකර්ෂණය, සමාජ ආරක්‍ෂාව, ආර්ථික සමෘද්ධිය සහතික කිරීම සහ ගෝලීය වශයෙන් ආරක්‍ෂිතම රටවලින් එකක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කීර්තිය තහවුරු වී​ම තීරණාත්මක වාසියකි.

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් 2020 දී 829 ක්, 2021 දී 941 ක් සහ 2022 දී 834 ක් ලෙස වාර්තාවේ.

ඩුබායිහි රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ වරාය, රේගු සහ ෆ්‍රී සෝන් කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරී අහමඩ් මහබුබ් මුසාබිහ් අවධාරණය කළේ, ඩුබායි රේගුව දේශීයව, කලාපීයව සහ ගෝලීය වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව සටන් කිරීමේ පුළුල් ප්‍රවීණතාවයකින් සහ ප්‍රවීණ මෙහෙයුම් කණ්ඩායම් සමඟින් ප්‍රමු​ඛ තැනක් ගන්නා බවයි.

ඩුබායි රේගුව ප්‍රජාව ආරක්‍ෂා කිරීමේ ප්‍රමුඛතම ආරක්ෂකයා ලෙසත් එහි වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් තහනම් මත්ද්‍රව්‍යවල අන්තරායන් සහ අවදානම්වලින් සමාජය ආරක්‍ෂා කිරීමට ප්‍රමුඛත්වය දීම පිළිබඳව ඔහු සිය සතුට පළ කළේය.

ඩුබායි මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අනතුරු සහ සෞඛ්‍ය උවදුරුවලට එරෙහිව ඵලදායී ලෙස සටන් කිරීමේ ගෝලීය ආදර්ශයක් ලෙස මතු වී ඇත. මෙම ප්‍රශංසනීය ප්‍රයත්නයන් සඳහා ප්‍රධාන දායකත්වයක් සපයන්නේ ඩුබායි රේගුව වන අතර එහි රේගු පරීක්‍ෂණයන් ඉහළම ප්‍රමිතීන්ට අනුකූල වන අත​ර විශේෂයෙන් රේගු නිලධාරීන්ගේ කුසලතා හා දක්ෂතාවයන් මීට මුල්වී ඇත. මෙම නොසැලෙන කැපවීම තුලින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ ආර්ථික න්‍යාය පත්‍රය වන D33 ස්ථීර ලෙස ක්‍රියාත්මක කරන අතරම ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රමුඛත්වය සහතික කරයි.

අන්තරායකර සහ තහනම් ද්‍රව්‍ය ජාවාරමට බාධා කරමින් රේගු නිලධාරීන් සිය දේශප්‍රේමී වගකීම ඉතා උනන්දුවෙන් ඉටු කරති. අඛණ්ඩ සංවර්ධනයේ වැදගත්කම හඳුනා ගනිමින්, ඩුබායි රේගුව සිය රේගු පරීක්ෂකවරුන් සඳහා මත්ද්‍රව්‍යවල විවිධ ආකාර සහ වර්ගී කරණයන් පිළිබඳ පුළුල් දැනුමක් ඇතුළත් විශේෂිත සහ නව්‍ය පුහුණු වැඩසටහන්වලින් සන්නද්ධ කිරීමට ප්‍රමුඛත්වය දෙයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleEid Al Adha සහ ගිම්හාන නිවාඩුව​ට UAE ගුවන් තොටුපළ මගීන් මිලියන 5කට පහසුකම් සපයයි
Next Article ශ්‍රී ලංකාවට ජපන් රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.