Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»දඩයක් වළක්වා ගැනීම සඳහා අවධානය යොමු කළ යුතු මාර්ග සලකුණු
Fines

දඩයක් වළක්වා ගැනීම සඳහා අවධානය යොමු කළ යුතු මාර්ග සලකුණු

පොදු බස් රථ සඳහා වෙන් කර ඇති ප්‍රදේශවලට වාහන ඇතුළු නොවන ලෙස අබුඩාබි ප්‍රවාහන අධිකාරිය අනතුරු ඇඟවීය
Stanly KularathnaBy Stanly KularathnaJune 28, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රිය පැදවීමේදී මාර්ග සංඥා පමණක් නොව රථවාහන නියාමනය කිරීමට සහ මෝටර් රථ රියදුරන්ට මඟ පෙන්වීමට උපකාර වන මාර්ග සලකුණු ගැනද අවධානයෙන් සිටිය යුතු​ය. මාර්ග සංඥා හඳුනාගැනීම පහසු වන අතර, එවැනි මාර්ග සංඥාවක් මග හැරුන හොත් එය දඩයක් සඳහා හේතු විය හැ​ක.

උදාහරණයක් ලෙස, පොදු බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරු, ඩුබායි හි ‘Bus only’ (බස් පමණක්) හෝ අබුඩාබිහි ‘Bus lane’ (බස් මංතීරුව) ලෙස කිය​වෙන මංතීරු සලකුණු කර ඇත. සමහර අවස්ථාවලදී, බස් මංතීරුවක් හඳුනා ගැනීම සඳහා මුළු මංතීරුවම රතු පැහැයෙන් වර්ණාලේප කොට තිබි​ය හැකිය. ඔබ රියදුරෙකු ලෙස නොදැනුවත්වම මංතීරුවට ධාවනය කරන්නේ නම්, ඔබට ඩුබායිහිදී ඩිරාම් 600 ක දඩයක් හෝ අබුඩාබිහිදී ඩිරාම් 400 ක දඩයක් ලැබෙනු ඇත.

බස් නැවතුමක වාහන නැවැත්වීම

අබුඩාබිහි ඒකාබද්ධ ප්‍රවාහන අධිකාරිය (ITC) බස් රථ නැවැත්වීමට වෙන් වූ ස්ථාන වල වාහන නැවැත්වීමේ අනතුරු පිළිබඳව රියදුරන්ට මතක් කර දුන්නේය. ITC සිය නිල සමාජ මාධ්‍ය නාලිකා වල සටහනකින්, මෙම ප්‍රදේශවල මෝටර් රථ කෙටි වේලාවකට පවා නැවැත්වීම මාර්ග භාවිතා කරන්නන්ට අනතුරුදායක වන්නේ කෙසේදැයි නිදර්ශනය කර ඇත.

ITC සිය ප්‍රකාශ​යේ මෙසේ සඳහන් කළේය: “මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළන බැවින් බස් රථ නැවතුමේ ගාල් කිරීම තහනම්ය. මෙම රීතිය උල්ලංඝනය කිරීම ඩිරාම් 2,000ක දඩයකට හේතු වනු ඇත.

බස් නැවතුම් පොළවල් භාවිතා කරමින් මිනිසුන් රැගෙන යාමට හෝ බැස්සවීම​ට පුරුදු වීම නිසා මාර්ග අනතුරු ඇතිවීමේ අවදානම හෝ බස් රථ සේවා ප්‍රමාද වීමට හේතු වන ආකාරය පිළිබඳව ITC විසින් පසුගිය කාලයේ අදහස් දක්වා ඇත.

අබුඩාබියේ බස් මංතීරුවල රිය පැදවීම

2020 දී, අබුඩාබි පොලිසිය පොදු බස් රථ සහ කුලී රථ සඳහා වෙන් කර ඇති මංතීරුවල රිය පැදවීමට උත්සාහ කරන විට රියදුරන් මුහුණ දෙන දඩ පිළිබඳව ද දැනුවත් කළේය. පොදු ප්‍රවාහනය සඳහා වෙන් කර ඇති මංතීරුවක – කෙටි දුරක් සඳහා වුවද – ධාවනය කිරීම වහාම ඩිරාම් 400 ක දඩයකට තුඩු දෙනු ඇත.

ඩුබායි හි බස් මංතීරුවල රිය පැදවීම

ඩුබායි හි ද මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) බස් රථ සහ කුලී රථ සඳහා විශේෂ මංතීරු ඉදිකර ඇත. ඉදිරි වසර පහ තුළ, RTA මෙය කිලෝමීටර 48 කට වඩා වැඩි කිරීමට සැලසුම් කරයි.

වාහන තදබදය වැඩි ප්‍රදේශ වල ඔබට මෙම බස් මංතීරු සොයා ගත හැකි අතර, මාර්ග සලකුණු පිළිබඳව අවධානයෙන් සිටීම වඩාත් වැදගත් වේ, මන්ද ඔබ නොදැනුවත්වම මාර්ග තදබදය වළක්වා ගැනීමට බස් මංතීරුවට යා හැකිය. මංතීරුව හඳුනා ගැනීමට පහසු ක්‍රමයක් නම් මාර්ගයේ විශාල අකුරකින් ලියා ඇති ‘Bus only’(බස් පමණි) හෝ ‘Only bus, taxi’ (බස්, කුලී රථ පමණි) යන්න සෙවීමයි. එම මාර්ගයේ බස් රථ සංකේතයක් ඇඳ ඇති අතර, එය පොදු ප්‍රවාහනය සඳහා වෙන් කර ඇති මංතීරුවක් බව පෙන්නුම් කරයි.

RTA​ට අනුව, මෙම මංතීරු බස් රථ සහ කුලී රථ සඳහා පමණක් නොව, පොලිස් කාර්, සිවිල් ආරක්ෂක වාහන සහ ගිලන්රථ සඳහාද වෙන් කර ඇත. කිසියම් පුද්ගලික වාහනයක් එම මංතීරුව භාවිතා කරන්නේ දැයි සොයා ගැනීමට රේඩාර් පද්ධති ​එම මංතීරු සමීපව නිරීක්ෂණය කරන අතර මෙම රීතිය කඩ කරන රියදුරන්ට ඩිරාම් 600​ක දඩයක් අය කෙරේ.

RTA ට අනුව, බස් රථ සහ කුලී රථ සඳහා වෙන් කර ඇති මංතීරුවේ රිය පැදවීමේදී හසුවන රියදුරන්ට ඩිරාම් 600 රථවාහන දඩයක් නියම කෙරේ.

ඩුබායි හි බස් මංතීරු ලැයිස්තුව

ඩුබායි හි දැනට ක්‍රියාත්මක වන බස් මංතීරු ලැයිස්තුවක් පහත දැක්​වේ.

ඔබ මෙම ප්‍රදේශවලින් ධාවනය කරන්නේ නම්, ඉහත සඳහන් කර ඇති මාර්ග සලකුණු ගැන විමසිල්ලෙන් සිටින්න:

  • අල් මිනා වීදිය, සබීල් වීදිය සමඟ මංසන්ධියට මදක් පෙර, දෙපැත්තටම.
  • නයිෆ් වීදිය – කි.මී එකක් දුර​ට
  • Al Ittihad පාර – මීටර් 500, Al Nahda ඩුබායි පිටවී​මට පෙර, සාජා සිට ඩුබායි දෙසට
  • අල් මිනා වීදිය – කුවේට් වීදියේ සිට ෆැල්කන් මංසන්ධිය දක්වා මීටර් 1,700
  • Sheikh Sabah Al Ahmad Al Jaber Al Sabah Street – Al Satwa වටරවුමේ සිට Sheikh Rashid Street දක්වා මීටර් 1,800
  • Al Khaleej Street – Creek Street සිට Al Musalla Street දක්වා මීටර් 1,700
  • කාලිඩ් බින් අල් වලීඩ් වීදිය – අල් මිනා වීදි​ මංසන්ධියේ සිට Street 16 දක්වා මීටර් 100
  • අල් ගුබයිබා වීදිය – අල් මිනා වීදි මංසන්ධියේ සිට Street 12 දක්වා මීටර් 500
Abu Dhabi Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE හි පිළිකා රෝගීන් සඳහා වට්ටම් කාඩ්පතක් දියත් කෙ​රේ
Next Article එමිරේට්ස් NBD ‘මැදපෙරදිග සහ UAEහි හොඳම බැංකුව’ ලෙස සම්මානයට පාත්‍ර ​වේ
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.