ඔබ Eid Al Adha උත්සව සමයේ අබුඩාබියේ Saadiyat සහ Yas Island වෙත යන්නේ නම්, එහිදී Txai නමින් ස්වයංක්‍රීයව ධාවනය වන වාහනයක චාරිකාවක​ට නොමිලේ එක්වීමටත්, සේවාව මගින් සපයනු ලබන සුවපහසු මෙන්ම ආරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතීන් අත්විඳීමටත් අවස්ථාව උදාකරගත හැකියි.

Eid Al Adha නිවාඩු කාලය තුළ Saadiyat සහ Yas Island වෙත පැමිණෙන අමුත්තන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ ස්වයංක්‍රීයව ධාවනය වන වාහන සේවාවෙන් ප්‍රයෝජන ගත හැකි බව ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ITC) පසුගියදා නිවේදනය කළේය.

2021 නොවැම්බර් මාසයේදී Yas Island හි අත්හදා බැලීමක් ලෙස ආරම්භ කරන ලද මෙම සේවාව, ආරක්ෂාව මෙන්​ම ආරක්ෂාව පිළිබඳ ඉහළ ප්‍රමිතීන් සහිත අද්විතීය ගමනක් සහතික කරන බව ITC පවසයි.

අත්හදා බැලීම් අතරතුර, TXAI ර​ථවාහන මගින් Yas Island හි නිශ්චිත ස්ථාන අතර නොමිලේ, රියදුරන් රහිත​ව ප්‍රවාහනය ලබා දෙනු ලැබුවා. එහිදී ස්මාට්ෆෝන් ඇප් එකක් හරහා සේවාව පිළිබඳ​ව ඇගයීම් කළ හැකි වූ අතර, සෑම සංචාරයකදීම පුහුණු ආරක්ෂක නිලධාරීන් පැමිණ සිටියහ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී, මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් සහ Bayanat සහ G42 සමූහයේ සහයෝගයෙන් ITC විසින් Yas Island සහ Saadiyat හි Smart Mobility ව්‍යාපෘතියේ 2 අදියර දියත් කරන ලදී.

ස්වයංක්‍රීය විදුලි සහ දෙමුහුන් කුලී රථ පහක් යොදාගනිමින් Yas Island හි නැවතුම් නවයක මාර්ගයක මූලික අත්හදා බැලීම් ක්‍රියාත්මක කිරීමෙන් මෙම සේවාව ආරම්භ විය.

මීට අමතරව, ව්‍යාපෘතියේ හවුල්කරුවෙකු වන Bayanat ITC සහ G42 සමඟ එක්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සම්පූර්ණයෙන්  සිතියම්ගත කිරීම අවසන් කර ඇති බව අනාවරණය විය.

“මෙම ව්‍යාපෘතිය මගින් අනාගතය සඳහා අපගේ නැණවත් නායකත්වයේ අභිලාෂයන් සහ දැක්ම සං​ඛේතවත් කරන අතර ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට, ප්‍රජාවට වඩා හොඳින් සේවය කිරීමට සහ තිරසාර සංවර්ධනයේ අත්තිවාරම් වලට සහාය වීමටත් එහි නිරන්තර ගවේෂණයන් මගින් හැකිවේවි” යනුවෙන් ITC ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ITC හි Smart Mobility ව්‍යාපෘතිය මගින් අරමුණු කරන්නේ අබුඩාබියේ සහ ලෝකයේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වීමට පෙර Yas සහ Saadiyat හි ප්‍රථමයෙන් ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට වන අතර, ඵලදායීතාවය සහ පාරිසරික බලපෑම වැඩි කිරීම සඳහා වඩාත් පුළුල් මුලපිරීමක කොටසක් ලෙස බස් රථ ඊට ඇතුළත් වේ.

මෙම ස්වයංක්‍රීය කුලී රථ සේවය එමිරේට්ස් ප්‍රවාහන නියාමකයින්, මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) සහ අබුඩාබිහි පිහිටි දේපල වෙළඳාම් සහ ආයෝජන සමාගමක් වන මිරාල් සමඟ සහයෝගයෙන් දියත් කරන ලදී.

Share.

Comments are closed.