Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Business»75% දක්වා වට්ටම් ස​හ ඩිරාම් 100,000 ක​ට වැඩි ත්‍යාග සමගින් එන සාජා Summer Promotion
Business

75% දක්වා වට්ටම් ස​හ ඩිරාම් 100,000 ක​ට වැඩි ත්‍යාග සමගින් එන සාජා Summer Promotion

සාජාහි වෙළ​ඳ ප්‍රවර්ධන, මෙගා වට්ටම්, විනෝදාස්වාද ඉසව් සහ වටිනා ත්‍යාග වලින් පිරුණු දින 65ක අතිවිශිෂ්ට උත්සවයක්
Stanly KularathnaBy Stanly KularathnaJuly 2, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාජාහි වාර්ෂික සිල්ලර වෙළ​ඳ දින දර්ශනයේ ප්‍රධාන අංගයක් ලෙස සැලකෙන මෙම වසරේ වැඩසටහ​න “Ya Hala Bsaifna in Sharjah”යන තේමා පාඨය යටතේ සාජා Summer Promotion 20 වැනි සංවත්සරය සමරයි. මෙම සන්ධිස්ථානය සැමරීම සඳහා, වැසියන්ට සහ සංචාරකයන්ට සුප්‍රසිද්ධ ජාත්‍යන්තර සන්නාම සඳහා 25 %සිට 75% දක්වා ආකර්ෂණීය වට්ටම් සාජා පුරා පිහිටි සාප්පු සංකීර්ණ සහ වෙළඳසැල් වලින් ලැබෙනු ඇත.

සාජා Summer Promotion 2023

සාජා Summer Promotions 2023හි  ඩිරාම්100 හෝ ඊට වැඩි මුදලක් වැය කරන පාරිභෝගිකයන්ට පුළුල් පරාසයක ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවක් සමඟින් ත්‍යාග පිරිනමයි.

මෙම ව්‍යාපාරය වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ සාජා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (SCCI) විසිනි. වාණිජ මණ්ඩලය විසින් ඩිරාම් 100,000 කට වඩා වටිනා වවුචර, මෙන්ම හෝටල් පැකේජ, සංචාර පැකේජ සහ නවතම Nissan Patrol 2023 රථයක් සඳහා විශාල දිනුම් ඇදීමක්​ද ලබා දී ඇත. මීට අමතරව, සාජා පුරා පිහිටි සාප්පු සංකීර්ණ වෙත පැමිණෙන පාරිභෝගිකයන් සඳහා වටිනා ත්‍යාග වෙන් කර ඇත.

සාජා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් මොහොමඩ් අහමඩ් අමීන් අල් අවාඩි පැවසුවේ, සාජා Summer Promotions කාලය තුළ වැසියන්​ට සහ සංචාරකයන්ට ප්‍රීතිය ගෙන දෙමින් මේ වසරේ සාජා විචිත්‍රවත් හා උත්සව වාතාවරණයක් ලබාදීම​ට සූදානම් වන බවයි. “එහි සන්ධිස්ථානීය 20 වැනි සංවත්සරය සමරමින්, මෙම උත්සවය එමිරේට්ස් හි වඩාත්ම වැදගත් වාණිජ ක්‍රියාකාරකම් වලින් එකක් ලෙස පවතී.” අල් අවඩි වැඩිදුරටත් පැවසීය.

විවිධ වයස් කාණ්ඩවලට අයත් පාරිභෝගිකයන්​ට අවශ්‍ය විනෝදාස්වාද ක්‍රියාකාරකම් රැසකින් මෙන්ම සිත් ඇදගන්නාසුළු අං​ග, වට්ටම්, තරඟකාරී මිල ගණන් සහ ත්‍යාගවලින් පිරුණු මෙම සමයේ සිල්ලර වෙළෙන්දන් සහ සාප්පු මධ්‍යස්ථාන උනන්දුවෙන් සහභාගී වන බව ඔහු සඳහන් කළේය.

වාණිජ මණ්ඩලයේ සන්නිවේදන සහ ව්‍යාපාරික අංශයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් Abdulaziz Mohammed Shattaf ප්‍රකාශ කළේ වසර පුරා සාර්ථක උත්සව සහ ප්‍රසංග සංවිධානය කිරීමට වාණිජ මණ්ඩලය දක්වන කැපවීම පිළිබිඹු කරමින් මෙවර වැඩසටහ​න සෑම අංශයකින්ම සුවිශේෂී වනු ඇති බවයි.

“ප්‍රමුඛ ආර්ථික වැඩසටහ​න් සංවිධානය කිරීමේ දශක පහකට වැඩි පළපුරුද්දක් ඇති සාජා වාණිජ මණ්ඩලය සිල්ලර අංශය නංවාලීමට, ආර්ථික වර්ධනයට සහ ආයෝජනය කිරීමට, පුළුල් කිරීමට සාජා තුළ සහ ඉන් පිටත ව්‍යාපාර දිරිගැන්වීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උපායමාර්ගික හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.” කලාපයේ ප්‍රමුඛතම ආකර්ෂණය ලෙස එහි ස්ථානය තහවුරු කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද Shattaf අවධාරණය කළේය.

මේ අතර, ආර්ථික සබඳතා සහ අලෙවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Ibrahim Rashid Al Jarwan පැවසුවේ, Summer Promotions, සාප්පු සවාරි, ඉතුරුම් සහ සංචාරක ආකර්ෂණ ස්ථාන සම​ග සංස්කෘතික අත්දැකීම් සම්මිශ්‍රණයක් අපේක්ෂා කරන්නන් සඳහා සාජා හොඳම ගමනාන්තය බවට පත්ව ඇති බවයි.

මෙය පුළුල් පරාසයක සංචාරකයන් සහ සාප්පු සවාරි යන්නන් ආකර්ෂණය කර ගැනීම සඳහා වාණිජ මධ්‍යස්ථාන සහ සිල්ලර වෙළඳසැල් සක්‍රීයව තරඟ කරන සිල්ලර අංශයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක් ලෙස ඔහු විස්තර කළේය. ඔවුන් එසේ කරන්නේ විවිධ වයස්වල සහ ජාතීන්ට අයත් විවිධ පාරිභෝගි​කයන්ගේ සාප්පු සවාරි සහ විනෝදාස්වාද අවශ්‍යතා සපුරාලීම, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා තරඟකාරී ලෙස මිල නියම කිරීම, සහ පුළුල් වට්ටම් ලබා දීම මගින් ආකර්ෂණීය දීමනා දියත් කිරීමෙනි.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරසල් කයිමා ආර්ථික කලාපය​ට දෙවන කාර්තුවේදී නව සමාගම් 1,500 ක්
Next Article වනිඳු හසරංගට ICC න් දඩ
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.