එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බෙදාහැරීමේ යතුරුපැදි ධාවකයින් සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විවේක ස්ථාන ආරම්භ කොට තිබෙනවා. කලාපයේ ඔවුන් සඳහා එවැනි ආකාරයේ පළමු වැඩසටහනක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි දියත් කෙරුණා.

මෙම පියවර ක්‍රියාත්මක කෙරු​ණේ ‘Your Summer with Us’වැඩසටහනේ කොටසක් ලෙස ස​හ තලාබාත් සමඟ සහයෝගීතාවයෙන් අබුඩාබි හි ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ (ITC) රථවාහන ආරක්ෂාව සඳහා වූ තාක්ෂණික කමිටුවේ මෙහෙයවීමෙනි.

මීට අමතරව, අබුඩාබි හි බෙදා හැරීමේ රියදුරන් සඳහා ප්‍රසිද්ධ ස්ථානවල ජංගම වායු සමීකරණය කළ බස් රථ ද ඇත.

Share.

Comments are closed.