ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (08 වැනිදා) පෙ.ව. 10.00 ට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.

තරගාවලිය සියලු තරග පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම සියලු තරග පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.

චාමරි අතපත්තු ගේ නායකත්වයෙන් යුතුව තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනකු ඇතුළත්ව සිටිති.

ජූලි මස 12 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරග 3 කින් සමන්විත තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉකුත්දා නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර නොමැත.

Share.

Comments are closed.