විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2822.6 ක මුදලක් ශ්‍රී ලංකාවට යවා ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 75.3% ක වර්ධනයක් බවද එම වාර් තාවේ සඳහන් වේ.

පසුගිය වසරේ පළමු මාස හයක කාලය තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1609.9 මුදලක් ශ්‍රී ලංකාවට යවා තිබිණ. එසේම මෙම වසරේ ජූනි මස ඇමෙරිකානු ඩොලර් මිලියන 475.7 ක මුදලක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට යවා තිබූ අතර එය පසුගිය වසරේ ජූනි මසට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි.

Share.

Comments are closed.