මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) නිවේදනය කළේ ජූලි 7 වනදා වන විට එමරාතිවරුන් 79,000 ක් රටේ පෞද්ගලික අංශයේ පුහුණු රැකියා වල සේවය කරන අතර එය 1% ක එමරාතීකරණ ඉලක්​කයක් ලබා ගැනීම සඳහා සේවකයින් 50 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින සමාගම් සඳහා අර්ධ වාර්ෂික කාල සීමාව අවසන් කිරීම සනිටුහන් කළ බවයි.

මුළු 79,000න් 38.6% ක් අබුඩාබියේ ද, 47.4%ක් ඩුබායිහිද, 7.1%ක් සාජාහිද, 2.5%ක් අජ්මාන්හිද, 0.7%ක් උම් අල් කුවේන්හිද, 2.0%ක් රාසල් කයිමාහිද, 1.7%ක් ෆුජයිරා හි​ද සේවය කරති.

ඔවුන්ගෙන් 32.4%ක් ව්‍යාපාරික සේවාවලත්, 14.7%ක් පරිපාලන සහ ආධාරක සේවාවලත්, 14.4%ක් වෙළෙඳ හා අලුත්වැඩියා සේවාවලත්, 13.5%ක් තොග සහ සිල්ලර වෙළෙඳාමේත්, 13.4%ක් ඉදිකිරීම්වලත් 13.3%ක් ගොඩනැගිලි අංශයේ, 12.8%ක් නිෂ්පාදන කර්මාන්තවල, 10.3%ක් මුල්‍ය තැරැව්කාර අංශයේ, 10.2%ක් මූල්‍ය හා රක්‍ෂණ කටයුතුවල, 10%ක් පතල් කැණීම් සහ ගල් කැණීම් අංශ වලත් සේවයේ යෙදෙනවා.

පුද්ගලික අංශයේ සේවය කරන මුළු එමරාති ජාතිකයන් ප්‍රධාන වශයෙන් තනතුරු පහක සේවය කරන බව අමාත්‍යාංශය පවසයි. 35.4%ක් ලේඛන වෘත්තීන්හි ද, 15.9% ක් කලා ක්ෂේත්‍රවල ද, 14.9% ක් විද්‍යාත්මක, කලාත්මක හා මානුෂීය ක්ෂේත්‍රවල ද, 12.7% ක් සේවා සහ විකුණුම්වල ද, නීති සම්පාදකයින්, අධ්‍යක්ෂවරුන් සහ ව්‍යාපාර කළමණාකරුවන්ගෙන් 9.1% ක් ද වේ.

විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන උපාධිධාරීන් 40.8% ක් ද, උසස් පාසල් සහතික දරන්නන් 46.4% ක් ද, 12.8% ක් උසස් පාසලෙන් පහළ අධ්‍යාපනය ලැබූ අය ද වේ.

මෙම සංඛ්‍යා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුද්ගලික අංශයේ වාර්තා වූ ඉහළම එමරාතීකරණ අනුපාතය පිළිබිඹු කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ සමඟම 2022 අවසන එමරාතිවරුන් 50,228 ක් පුද්ගලික අංශයේ සේවයේ යෙදී සිටි අතර එයට සාපේක්ෂව 57% ක වැඩිවීමක් සනිටුහන් කරනවා.

සමාගම්වලට ඔවුන්ගේ අර්ධ වාර්ෂික එමරාතීකරණ ඉලක්ක සපුරා ගැනීමේ අවසාන දිනය වන ජූලි 7 වන විට UAE පුරවැසියන් සේවයේ යොදවන පුද්ගලික අංශයේ සමාගම් 17,000කට ආසන්න ප්‍රමාණයක් ඇත.

Share.

Comments are closed.