Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Land Marks»ඩුබායිහි Burj Khalifa ලොව හොඳම දර්ශන සහිත ගොඩනැගිලි 10 අතරට ශ්‍රේණිගත කෙ​​රේ
Dubai Land Marks

ඩුබායිහි Burj Khalifa ලොව හොඳම දර්ශන සහිත ගොඩනැගිලි 10 අතරට ශ්‍රේණිගත කෙ​​රේ

Stanly KularathnaBy Stanly KularathnaJuly 15, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නව අධ්‍යයනයකට අනුව Burj Khalifa ලොව සුන්දරම දසුන් සහිත හොඳම ගොඩනැගිලි 20 අතරට පැමිණ ඇත. ඩුබායිහි Burj Khalifa, ලෝකයේ උසම, ආසියාවේ සහ මැද පෙරදිග හොඳම දර්ශන සහිත ගොඩනැගිල්ල ලෙස ද නම් කර ඇත.

Buildworld විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, සංචාරක මාර්ගෝපදේශක නාලිකාවක් වන Tripadvisor හි Burj Khalifa හි සමාලෝචනවල “ලස්සන දසුන්” (“beautiful views”) යන යෙදුම 2,132 ක් සඳහන් කර ඇත. මෙය ලෝකයේ ලස්සනම දර්ශන සහිත ඉහළම ගොඩනැගිලි 20 ලැයිස්තුවේ හයවන ස්ථානය ලබා ගැනීමට හැකි විය.

මීටර් 828 ක උසකින් යුත් බර්ජ් කලීෆා ලොව උසම ගොඩනැගිල්ල ලෙස ගෞරවයට පාත්‍ර වී ඇත. ලෝකයේ වැඩිම තට්ටු සංඛ්‍යාක් ඇති ගොඩනැගිල්ල, ලෝකයේ ඉහළම භාවිතාවේ යෙදෙ​න තට්ටුව (highest occupied floor), ලෝකයේ ඉහළම එළිමහන් නිරීක්ෂණ තට්ටුව සහ ලෝකයේ උසම සේවා සෝපානය ඇතුළු තවත් වාර්තා කිහිපයක් එහි නමට තිබේ.

Burj Khalifa හි 148 මට්ටමේ පිහිටි නිරීක්ෂණ මැදිරි​ය (observation deck) නගරයේ දර්ශනීය සහ අසමසම දසුන් සපයයි. එහි එළිමහන් ටෙරසය සහ උසස් තත්ව​යේ විවේකාගාරයක් ද ඇත. නරඹන්නන්ට 124 සහ 125 මට්ටම්වල පිහිටි අනෙකුත් නිරීක්ෂණ මැදිරිවලින් ඩුබායි නගරය සිසාරා විහිදෙන දසුන් ද භුක්ති විඳිය හැකිය.

හොඳම දර්ශන සහිත ගොඩනැගීම

ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණ එහි ඇති දර්ශන අනුව හොඳම ගොඩනැගිල්ල ලෙස නම් කර ඇත. එහි අමුත්තන් විසින් ලබා දුන් සමාලෝචනවල “ලස්සන දසුන්” (“beautiful views”) පිළිබඳ මුළු සඳහන් 5,116ක් සමඟින් එය පළමු ශ්‍රේණිය ලබා ගත්තේය.

මෙම ව්‍යුහය 1889 දී ඉදිකරන ලද අතර එහි උස අඩි 1,083 කි. එහි ආකර්ශනීය දසුන් සමඟින්, අයිෆල් කුළුණ ආලෝ​ක සංදර්ශන සහ නැවත පින්තාරු කිරීමේ ව්‍යාපාර (repainting campaigns) වැනි බොහෝ උත්ස​ව සඳහා වේදිකාවක් ලෙස සේවය කරයි. කුළුණ මුදුනේ සිට කෙනෙකුට නගරයේ අංශක 360​ක දර්ශන රස විඳිය හැකිය.

ලැයිස්තුවේ අනෙක් අය

අංක 2 ස්ථානය එක්සත් ජනපදයේ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලත් පසුව හංගේරියාවේ හලාස්බස්ටියා සහ අයිස්ලන්තයේ හැල්ග්‍රිම්ස්කිර් වෙත හිමිවි​ය. එක්සත් රාජධානියේ ජනප්‍රිය London Eye “ලස්සන දසුන්” සඳහන් 2,685 ක් සමඟ පස්වන ස්ථානය ලබා ගත්තේය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසිනොපෙක් සමාගම ශ්‍රී ලංකාව තු​ල ඉන්ධන බෙදා හැරීම අද අරඹයි
Next Article ඩුබායි පොලිසිය තත්පර 10ක් ඇතුළත මිලියන 2.1 කට වැඩි ඇමතුම්වලට ප්‍රතිචාර දක්වයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.