ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සංචාරක පකිස්ථාන කණ්ඩායම දෙවැනි දිනය සදහා තර​ඟය නිමා වන විට කඩුළු 5ක් දැවී ලකුණු 221ක් රැස්කර ගෙන සිටියේය.

දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි සාවුද් ෂාකීල් ලකුණු 69ක් සහ අගා සල්මන් ලකුණු 61ක් රැස්කර ගෙන සිටියේය.

පන්ඳු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

කසුන් රාජිත් සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 312ක් රැස්කර ගැනීමට සමත් විය.

Share.

Comments are closed.