එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය පවසන්නේ සේවා යෝජකයන්ට සේවකයාගේ වාර්ෂික නිවාඩු ආරම්භක දිනයන් තෝරා ගත හැකි බවයි.

රටේ කම්කරු සබඳතා නීතියේ රෙගුලාසිවලට අනුව, සේවකයින්ට සෑම වසරකම දින 30 ක වාර්ෂික නිවාඩු සඳහා හිමිකම් ඇති බව අමාත්‍යාංශය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාර්ෂික නිවාඩු නීති

සේවා යෝජකයෙකුට වාර්ෂික නිවාඩු වෙනම කාල පරිච්ඡේද දෙකකට බෙදිය හැකි බව ද අමාත්‍යාංශය පවසයි. මෙය සේවකයින් සමඟ එකඟතාවයකින් සිදු කරනු ලබන අතර දැනුම් දීමේ කාල සීමාව ලෙස අවම වශයෙන් මාසයක්වත් ලබා දිය යුතුය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල රාජ්‍ය ද්වාරයට (government portal) අනුව: “සේවකයින්, හිමිකම් ඇති වර්ෂයේදී ඔවුන්ගේ නිවාඩු භාවිතා කළ යුතුය. සේවා යෝජකයාට සේවකයා සමඟ එකඟ වී වැඩ අවශ්‍යතා අනුව නිවාඩු දින නියම කළ හැකිය.

“සේවායෝජකයා නිවාඩු දිනය අවම වශයෙන් මාසයකට පෙර සේවකයාට දැනුම් දිය යුතුය”.

සමාගමක සේවකයින්ට වසරක් සම්පූර්ණයෙන් වැඩ කිරීමෙන් පසු දින 30 ක වාර්ෂික නිවාඩු සඳහා හිමිකම් ඇති අතර, අලුතින් බඳවා ගන්නා අයටද නිවාඩු සඳහා හිමිකම් ලැබේ.

කම්කරු සබඳතා නියාමනය කිරීමේ නීතියට අනුව, ඔබට වාර්ෂික නිවාඩු සඳහා හිමිකම් ඇති අතර, සේවා යෝජකයාට එහි ආරම්භක දිනය තීරණය කිරීමට මෙන්ම එය කාල පරිච්ඡේද 2ක​ට බෙදා වෙන් කළ හැකිය.

“කම්කරු සබඳතා නියාමනය කිරීමේ නීතියට අනුව, ඔබගේ නිවාඩු පහත පරිදි නියාමනය කරනු ලැබේ:

  • “ඔබ මාස හයකට වඩා වැඩි කාලයක් සහ වසරකට අඩු කාලයක් සේවය කළේ නම්: මසකට වාර්ෂික නිවාඩු දින දෙකක්
  • ” ඔබ වසරකට වඩා වැඩි කාලයක් සේවය කළේ නම්: වසරකට වාර්ෂික නිවාඩු දින 30ක්”

සේවය අවසන් වූ පසු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවකයින්ට අවසාන වසරේ කොටසට සමානුපාතික වාර්ෂික නිවාඩු හිමි වේ.

Share.

Comments are closed.