ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 04කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායද අද සමත් විය.ජයග්‍රහණය සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹාගිය ඔවුන් කඩුළු 06ක් දැවී පන්දුවාර 32.5කදී සිය ජය තහවුරු කරගත්තේය.එහිදී ඉමාන් උල් හක් නොදැවී ලකුණු 50ක් රැස්කර ගැනීමට සමත් විය.පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56ට කඩුළු 4ක් ලබාගත්තේය.ශ්‍රී ලංකාවට පළමු ඉනිමට සියලු දෙනා දැවී 312ක් සහ දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 279ක් රැස්කර ගැනීමට සමත් විය.පකිස්ථාන කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී 461ක් ලබා ගත්තේය.එහිදී සවුද් ෂකීල් නොදැවී ලකුණු 208ක් ලැබීය.

Share.

Comments are closed.