ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් තරඟාවලියේ ශූරතාවලිය දිනා ගැනීමට පාකිස්ථාන A කණ්ඩායම ඊයේ සමත් විය.

ඒ ඉන්දීය A කණ්ඩායම ලකුණු 128කින් පරාජයට පත්කරමිනි.

මෙම තර​ඟයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 352ක් රැස්කර ගැනීමට සමත් විය.

පාකිස්ථාන A පිල වෙනුවෙන් තයාබ් තාහීර් ලකුණු 108ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 12ක් ද ඇතුළත් වි​ය.

අනතුරුව පිටියට පැමිණී ඉන්දීය A පිල පන්දුවාර 40කදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 224ක් පමණීයි.

ඒ අනුව පාකිස්ථාන පිලට ලකුණු 128ක ජයක් හිමිවිය.

මෙම තර​ඟය පැවැත්වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේදීය.

Share.

Comments are closed.