Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Fines»එළිමහනේ වැඩ කිරීමේ තහනම උල්ලංඝනය කිරීම සඳහා ඩිරාම් 50,000 දක්වා දඩයක්
Fines

එළිමහනේ වැඩ කිරීමේ තහනම උල්ලංඝනය කිරීම සඳහා ඩිරාම් 50,000 දක්වා දඩයක්

කම්කරුවන් හිරු එළියට සෘජුව නිරාවරණය වීමෙන් හෝ මධ්‍යහ්නය ආසන්නයේ විවෘත ස්ථානවල වැඩ කිරීමෙන් ආරක්ෂා වේ
Stanly KularathnaBy Stanly KularathnaJuly 24, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගිම්හාන මාසවලදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරුවන්, මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MOHRE) විසින් සෑම වසරකම ක්‍රියාත්මක කරනු ලබන දහවල් වැඩ විවේකයේදී, හිරු එළියට සෘජුව නිරාවරණය වෙමින් එළිමහනේ වැඩ කිරීමේ අන්තරායන්ගෙන් ආරක්ෂා වේ.

දහවල් විවේක වේලාවන්

2023 ජූනි 15 සිට සැප්තැම්බර් දක්වා සෑම දිනකම දහවල් 12.30 සිට පස්වරු 3 දක්වා මෙම වසරේ මධ්‍යහ්න විවේක වේලාවන් පවතින බව මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MOHRE) නිවේදනය කළේය.

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශයට අනුව, මෙම වැඩ තහනම 2022 අංක 44 දරන වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සහ කම්කරු නවාතැන් පිළිබඳ අමාත්‍ය යෝජනාවට අනුකූල වන අතර, එමඟින් කම්කරුවන් වෘත්තීය උපද්‍රවවලින් ආරක්ෂා කරන සහ රැකියාවට සම්බන්ධ තුවාල හෝ රෝගාබාධ වළක්වන ප්‍රමාණවත් සේවා පරිසරයක් සැපයීම අරමුණු කරයි.

මධ්‍යහ්න විවේකය ක්‍රියාත්මක වන විට, සේවකයන්ට විවේක ගත හැකි සෙවන සහිත ප්‍රදේශයක් ද සේවා යෝජකයන් විසින් සැපයිය යුතුය.

අමාත්‍යාංශයේ හවුල්කරුවන් සහ අනෙකුත් පුද්ගලයින් ග්‍රීෂ්ම මාසවලදී කම්කරුවන් හිරුඑළියට නිරාවරණයෙන්, තාපයෙන් වෙහෙසට පත්වීමෙන් සහ හිරු රශ්මියෙන් ආරක්ෂා කරන සැපයුම් සඳහා මුල පිරීම් මාලාවක් දියත් කරයි.

උපරිම වැඩ කරන පැය ගණන

යෝජනාවට අනුව, තහනම ක්‍රියාත්මක ව​න මාසවලදී දිනපතා වැඩ කරන උදෑසන සහ සවස වේලාවන්හි එකතු​ව, පැය අටක් නොඉක්මවිය යුතුය.

“පැය 24ක කාලසීමාවක් තුළ සේවකයෙකු පැය අටකට වඩා වැඩ කිරීමට සලස්වන්නේ නම්, එම අමතර කාල​ය අතිකාල ලෙස සලකනු ලබන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු නීතිය මත පදනම්ව සේවකයාට අමතර දීමනාවක් ලැබෙනු ඇත” යනුවෙන් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

දහවල් විවේකයෙන් නිදහස් කර ඇති සුවිශේෂී තත්වයන්

කෙසේ වෙතත්, ප්‍රජාවට බලපාන ඇතැම් රැකියා වල අඛන්ඩතාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ඇතැම් සුවිශේෂී තත්වයන් පවතී. මේවාට එවැනි රැකියා ඇතුළත් වේ:

  • තාර දැමීම හෝ කොන්ක්‍රීට් දැමී​ම, විවේකයෙන් පසු මෙම කාර්යයන් කල්දැමීමට නොහැකි අවස්ථාවකදී.
  • ජල සැපයුමට හෝ විදුලියට බාධා ඇතිවීම​කදී, ගමනාගමනය සහ අනෙකුත් ප්‍රධාන ගැටළු වැනි ප්‍රජාවට බලපාන උපද්‍රව මගහැරීම​ට හෝ අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ඕනෑම කාර්යයක්.
  • වාහන ගමනාගමනය සහ අඛණ්ඩ සේවා ගලායාම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන රථවාහන මාර්ග, විදුලි රැහැන් සහ සන්නිවේදනයන් පවත්වාගෙනයාම ඇතුළු නොනවතින කාර්ය ඇතුලත් වේ.

කෙසේ වෙතත්, දහවල් විවේකයෙන් නිදහස් කර ඇති මෙම රැකියා තුළ පවා, පහත සඳහන් දෑ ඇතුළුව සේවක සෞඛ්‍යය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සැලැසීමට සේවා යෝජකයන් බැඳී සිටී.

  • කම්කරුවන් සඳහා ප්‍රමාණවත් සිසිල් පානීය ජලය සැපයීම.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළාත් පාලන ආයතන විසින් භාවිතය සඳහා අනුමත කරන ලද ලවණ සහ/හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය වැනි සජලනය කරන ආහාර සැපයීම.
  • සේවා ස්ථානයේ ප්‍රථමාධාර සැපයීම
  • ප්‍රමාණවත් කාර්මික සිසිලනය, සෘජු හිරු එළියෙන් කම්කරුවන් ආරක්ෂා කරන කුඩ සහ සේවකයින්ට ඔවුන්ගේ අක්‍රීය කාලය තුළ විවේක ගැනීමට සෙවන සහිත ප්‍රදේශ සැපයීම.

අනුකූල නොවීම සඳහා දඩ

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශයට අනුව, තහනමේ විධිවිධාන සහ රෙගුලාසි උල්ලංඝණය කරන ලද සේවා යෝජකයන්ට එක් සේවකයෙකු සඳහා ඩිරාම් 5,000 ක දඩයක් පනවනු ලබන අතර, එම තහනම උල්ලංඝනය කරමින් කම්කරුවන් කිහිප දෙනෙකු සේවය කරන්නේ නම්, උපරිම ඩිරාම් 50,000 ක දඩ මුදලක් අය කෙරේ.

උල්ලංඝනය කිරීම් වාර්තා කිරී​ම

මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය සිය ඇමතුම් මධ්‍යස්ථානයේ  600 590000 හරහා දහවල් විවේකයේ කිසියම් උල්ලංඝනයක් වාර්තා කිරීමට පහසුකම් සපයයි. උපකාරක සේවාව පැය 24 පුරා විවෘතව පවතී.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවංචනික විද්‍යුත් තැපෑලෙන් පරිස්සම් වන ලෙස ඩුබායි පොලිසිය වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ
Next Article ව්‍යාජ ඩෙබිට්, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ඩිරාම් මිලියන 2 දක්වා දඩ මුදල්
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.