Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Economy»පළමු කාර්තුවෙහි UAE රජයේ ආදායම ඩිරාම් බිලියන115.6 ක් රජයේ වියදම් ඩොලර් බිලියන 92.5 ක්
Economy

පළමු කාර්තුවෙහි UAE රජයේ ආදායම ඩිරාම් බිලියන115.6 ක් රජයේ වියදම් ඩොලර් බිලියන 92.5 ක්

Stanly KularathnaBy Stanly KularathnaJuly 27, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ ආදායම 2023 පළමු කාර්තුව සඳහා ඩිරාම් බිලියන115.6 ක් වූ බව මුදල් අමාත්‍යාංශයේ දත්ත පසුගියදා පෙන්වා දුන්නේය. රජයේ වියදම් ඩොලර් බිලියන 92.5 ක් වූ බව​ද සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

මුළු ආදායමට බදු ආදායමෙන් ඩිරාම් බිලියන 63.5, සමාජ දායකත්ව වලින් ඩිරාම් බිලියන 3.9 සහ දේපල ආදායම, භාණ්ඩ හා සේවා අලෙවිය, දඩ සහ දඬුවම් සහ වෙනත් වර්ගීකරණය කර නොමැති අනෙකුත් ආදායම් වලින් ඩිරාම් බිලියන 48.2 වෙනවා.

මුදල් අමාත්‍යාංශයේ දත්තවලට අනුව, සේවක වැටුප්, භාණ්ඩ හා සේවා භාවිතය, ස්ථාවර ප්‍රාග්ධන පරිභෝජනය, ගෙවන ලද පොලී, සහනාධාර, ප්‍රදාන, සමාජ ප්‍රතිලාභ සහ වෙනත් මූල්‍ය නොවන වත්කම්වල ශුද්ධ ආයෝජන සහ ජංගම වියදම්වලින් සමන්විත මුළු වියදම්වල වටිනාකම ඩිරාම් බිලියන 92.5 ක් විය.

2023 පළමු කාර්තුව තුළ මූල්‍ය ගනුදෙනුවල ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ ශුද්ධ ණය දීමේ සහ ශුද්ධ ණය ගැනීම්වල වටිනාකම ඩිරාම් බිලියන 23.2 ලෙසයි. ශුද්ධ ණය දීමේ සහ ශුද්ධ ණය ගැනීම් අගය යනු රජයකට ණය දීමට ඇති හැකියාව හෝ ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ සාරාංශ මිනුමක් වන අතර ආර්ථිකයේ අනෙකුත් අංශ කෙරෙහි රජයේ ක්‍රියාකාරකම්වල මූල්‍ය බලපෑම පිළිබඳ දර්ශකයකි.

මුදල් අමාත්‍යාංශයේ උප ලේකම් යුනිස් හාජි අල් කුරි පැවසුවේ, “මෙම ප්‍රතිඵල මගින් රාජ්‍ය වියදම්වල කාර්යක්ෂමතාව සහ මූල්‍ය සම්පත් ප්‍රමුඛතා ක්‍රමෝපායික අංශ වෙත යොමු කිරීමෙහිලා මූල්‍ය සම්පත් ඵලදායි ලෙස භාවිතා කිරීම පිළිබිඹු කරයි. එය රජයේ මූල්‍ය රාමුවේ ප්‍රගතිය සහ තෙල්වලින් බැහැරව නව සහ විවිධාංගීකරණය වූ රාජ්‍ය ආදායම් මූලාශ්‍ර සංවර්ධනය කිරීමේ සාර්ථකත්වය සහ රජයේ මූල්‍ය සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය සඳහා ඵලදායී මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමද ප්‍රදර්ශනය කරයි.

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “රජයේ මූල්‍ය කාර්ය සාධනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තරඟකාරිත්වය සහ තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනය කරා එහි ගමන් කිරීම වැඩි දියුණු කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් නොවන අංශය 2023 අවසානය වන විට ශක්තිමත් දේශීය ඉල්ලුමක්, විශේෂයෙන් සංචාරක, දේපළ වෙළඳාම්, ඉදිකිරීම්, ප්‍රවාහන සහ නිෂ්පාදන ක්ෂේත්‍රවල ශක්තිමත් වර්ධනයක් අත්කර ගැනීමට අපේක්ෂා කරන බව ලෝක බැංකුව ප්‍රකාශ කරයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායිහි හෝටල් සඳහා ‘තිරසර සංචාරක මුද්දරය’ හඳුන්වා දෙයි
Next Article වාහන නැවැත්වීමේදී, උල්ලංඝනය කිරීම් 5 සඳහා ඩිරාම් 1,000 ​ක දඩයක්
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.