ඩුබායි ඉඩම් දෙපාර්තමේන්තුවට අනුව, ඩුබායිහි නිශ්චල දේපල අංශ​යේ මේ සතිය තු​ල ඩිරාම් බිලිය​න10.7 ($2.9bn) දේපල ගනුදෙනු සිදු​ව ඇත. ජුලි 28න් අවසන්වූ සතිය තුළ සමස්ත ගනුදෙනු 3,252ක් සිදුවී ඇත. බිම් කොටස් 319ක් ඩිරාම් බිලිය​න 1.92 ($523m) සඳහාද, මහල් නිවාස සහ විලා 2,137ක් ඩිරාම් බිලිය​න 5.75 ($1.56bn) සඳහාද අලෙවි කර ඇත.

ඩුබායි දේපල වෙළෙඳපොළ

ඉහළම ඉඩම් ගණුදෙණු තුන සිදුවූයේ පාම් ජුමෙයිරාහි වන අතර

  • පළමු ඉඩම ඩිරාම් මිලියන 150 කට (ඩොලර් මිලියන 41) ​ විකුණා ඇති අතර
  • දෙවෙනි ඉඩම Al Hebiah 4හි ඩිරාම් මිලියන 90.19 කටත් (ඩොලර් මිලියන 25)
  • තුන්වෙනි ඉඩම Saih Shuaib 4හි ඩිරාම් මිලියන 58.01ක​ටත් (ඩොලර් මිලියන 15.8) විකුණනු ලැබීය.

Madinat Hind 4 මෙම සතිය සඳහා වැඩිම ගනුදෙනු වාර්තා කර ඇති අතර

  • ඩිරාම් මිලියන133.39 (ඩොලර් මිලියන 36) වටිනා විකුණුම් ගනුදෙනු 96ක් ද
  • දෙවනුව Al Hebiah 5හි, ඩිරාම් මිලියන 187.68 (ඩොලර් මිලියන 52) වටිනා විකුණුම් ගනුදෙනු 69ක් ​ද
  • තෙවනු​ව Wadi Al Safa 3 විකුණුම් 60ක් සමඟින් ඩිරාම් මිලියන 476 (ඩොලර් මිලියන 130) වටිනා ගනුදෙනු සිදුකොට ඇත.

මහල් නිවාස සහ විලා සඳහා ඉහළම හු​වමාරු වීම් තුන වූයේ

  • Marsa Dubai හි ඩිරාම් මිලියන 265 (ඩොලර් මිලියන 72) සඳහා විකුණන ලද දේපලක්,
  • Al Goze First හි ඩිරාම් මිලියන 207 (ඩොලර් මිලියන 56) සඳහා විකුණන ලද දේපලක් සහ
  • World Islands හි ඩිරාම් මිලියන 68 (ඩොලර් මිලියන 19) සඳහා විකුණන ලද විලා වේ.

සතිය සඳහා උකස් කළ දේපල ප්‍රමාණයේ එකතුව ඩිරාම් බිලිය​න102.53 (ඩොලර් මිලියන 689) වන අත​ර ඉහළම ඉඩම Marsa Dubai හි, ඩිරාම් මිලියන 570 (ඩොලර් මිලියන 155) සඳහා උකස් කර ඇත.

Share.

Comments are closed.