Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකා​වේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ප්‍රබල සහයෝගයක් ලබා දෙන බවට ප්‍රතිඥා දෙයි
Uncategorized

ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකා​වේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ප්‍රබල සහයෝගයක් ලබා දෙන බවට ප්‍රතිඥා දෙයි

Stanly KularathnaBy Stanly KularathnaJuly 29, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ ශ්‍රී ලංකාවට ඓතිහාසික සංචාරයක නිරත විය. ප්‍රංශ ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණි පළමු අවස්ථාව ලෙස මෙම සංචාරය සනිටුහන් විය.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මැක්‍රොන් මහතා අතර සුහද සහ ඵලදායී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු අතර එය පැයකුත් විනාඩි පහළොවක් පුරා පැවතිණි. විශේෂයෙන්ම මේ වසරේ සමරණු ලබන ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින සබඳතා වැඩිදියුණු කිරීම සහ ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ විය.

විශේෂයෙන්ම දේශගුණි​ක ගැටළු අවම කිරීම, ගෝලීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉන්දු-පැසිෆික් කලාපයට අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රංශය ගෝලීය කටයුතුවල සිදුකරන වැදගත් කාර්යභාරය පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රසාදය පළ කළේය.

පැරීසියේදී පැවැත් වූ නව ගෝලීය මූල්‍ය සම්මුතියක් සඳහා වූ සමුළුව අතරතුරදී ජනාධිපති වික්‍රමසිංහ මහතා සමඟ මෑතදී කළ සංවාද ජනාධිපති මැක්‍රොන් සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහාය වීමට ප්‍රංශයේ කැමැත්ත සහ කැපවීම ඔහු යළිත් තහවුරු කළේය. ශ්‍රී ලංකා​වේ සිව්වන විශාලතම ණයහිමියා ලෙස ප්‍රංශය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සිය සහය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නේය.

සාකච්ඡාවෙන් පසු ට්විටර් සටහනක් තබමින් ජනාධිපති මැක්‍රොන් ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාව සහ ප්‍රංශය, ඉන්දියානු සාගරයේ එකම ඉලක්කයක් බෙදා ගන්නා විවෘත, සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් සහයෝගීතාවයක් සහි​ත ජාතීන් දෙකක්. කොළඹදී අපි එය තහවුරු කළා. අපගේ 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, අපගේ හවුල්කාරිත්වයන් නව ශක්තිමත් යුගයක​ට විවෘත කරන්නෙමු.”

දේශපාලන, ආර්ථික, සංචාරක, දේශගුණික විපර්යාස, තිරසාර සංවර්ධනය සහ සමුද්‍රීය ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව නායකයින් දෙපළ අතර පැවති සාකච්ඡාවලදී අවධානය යොමු විය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සැමරීමේ කොටසක් ලෙස, තවදුරටත් සහයෝගීතාව සඳහා නිශ්චිත ක්ෂේත්‍ර කිහිපයක් හඳුනා ගන්නා ලදී.

මෙම සහයෝගීතා ක්ෂේත්‍රවලට ඇතුළත් වූ​යේ.

  • සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂාව සඳහා පාසලක් පිහිටුවීම
  • සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනය (AFD) සඳහා ස්ථිර කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ විවෘත කිරීම
  • ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සංවාද ආරම්භ කිරීම
  • අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාවය
  • සමුද්‍ර ආරක්‍ෂාව සහ ආරක්‍ෂක අංශයේ මිනිස් ජාවාරමට එරෙහිව සටන්කිරීමේ උත්සාහයන් වැඩිදියුණු කිරීම.

මීට අමතරව, වත්මන් ගෝලීය සන්දර්භය තුළ කලාපීය සහ බහුපාර්ශ්වික උනන්දුවක් දක්වන මාතෘකා කිහිපයක් පිළිබඳව නායකයින් දෙදෙනාම අදහස් හුවමාරු කරගත්හ. ප්‍රංශය​ද සාමාජිකයෙකු වන, ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) ඉදිරි සභාපතිත්වය අතරතුර ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ජනාධිපති මැක්‍රොන් දැඩි උනන්දුවක් පළ කළේය. අනෙක් අතට, ප්‍රංශය ක්‍රියාකාරීව සහභාගී වන ඉන්දීය සාගර කොමිසම කෙරෙහි ජනාධිපති වික්‍රමසිංහ උනන්දු විය.

ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟින් පැමිණි ප්‍රංශ දූත පිරි​සේ යුරෝපා සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍ය කැතරින් කොලොනා මහත්මිය, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපතිනි ජීන් ෆ්‍රැන්කොයිස් පැක්ටෙට් මහතා, ප්‍රංශ ජනාධිපති ෆේබියන් මැන්ඩන් මහතාගේ උපදේශකයින්, Walid Fouque මහතා සහ Josue Serres මහතා, ඇතුළු සම්භාවනීය දූත පිරිසක් සහභාගී විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ශ්‍රී ලංකා දූත පිරිසට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා, විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අධ්‍යක්ෂ ජනරාල්/යුරෝපය සහ උතුරු ඇමරිකාව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශෝබිනි ගුණසේකර මෙනවිය සහ තරුණ හා තිරසාර සංවර්ධන අධ්‍යක්ෂ රන්දුල අබේවීර මහතා ඇතුළත් වි​ය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යය, සහල් අපනයනය සහ ප්‍රතිඅපනයනය තාවකාලිකව අත්හිටුවයි
Next Article මෙම සති අන්තයේ ඩුබායිහි ජූමේරා වීදියේ මාර්ග ප්‍රමාදයන් ගැන RTA අනතුරු අඟවයි
Stanly Kularathna

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.