Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE - Government»UAE, එමීර් රාජ්‍ය 7 සඳහා රජයේ ඩිජිටල් යෙදුම් 7ක් හඳුන්වාදෙයි
UAE - Government

UAE, එමීර් රාජ්‍ය 7 සඳහා රජයේ ඩිජිටල් යෙදුම් 7ක් හඳුන්වාදෙයි

Stanly KularathnaBy Stanly KularathnaJuly 31, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

බිල්පත් ගෙවීම්, සේවා සඳහා අයදුම් කිරීම් සහ නිල රාජ්‍ය තොරතුරු ලබා ගැනීම වැනි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ගේ, පදිංචිකරුවන්​ගේ සහ සංචාරකයින්ගේ අවශ්‍යතා තම ස්මාර්ට් මෙවලම් ඔස්​සේ ලබා ගත හැකි අතර, රටේ පවතින විවිධ ස්මාර්ට් නාලිකා හරහා මහජන සේවාවන් පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව මෙමගින් උදාවෙනවා.

ඔබ සිටින්නේ කුමන එමීර් රාජ්‍යයේද යන්න මත පදනම්ව, ඔබට අවශ්‍ය සියලුම රාජ්‍ය සේවාවන් සහ තොරතුරු වෙත ප්‍රවේශය ලබා දෙන කැපවූ නිල යෙදුම් නොමිලේ Google Play සහ Apple App Store වෙතින් බාගත කරගැනීමට හැකිය.

1. TAMM – අබුඩාබි රජය

TAMM යෙදුම මගින් ඔබට වීසා සහ නේවාසික සේවා, දේපල සඳහා හිමිකම් ඔප්පුවක් ඉල්ලා සිටීම වැනි නිවාස සහ දේපල ආශ්‍රිත සේවා, රිය පැදවීම සහ ප්‍රවාහනය සම්බන්ධ සේවාවන් වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි. රියදුරු බලපත්‍රය සහ ලේඛන සහතික කර ගැනීම, අධ්‍යාපනය සඳහා අයදුම් කිරීම හෝ ළඟම ඇති ෆාමසි​ය හෝ රෝහල සොයා ගැනීම වැනි තවත් බොහෝ සේවාවන් මේ යෙදුම ඔස්සේ ලබාගතහැක.

2. DubaiNow – ඩුබායි රජය

සියලුම විදුලි බිල්පත් හෝ දුරකථන බිල්පත් ගෙවීමට, Salik ටොප් අප් කිරීමට, වාහන නැවැත්වීම සඳහා ගෙවීමට සහ දරුවන්ගේ එන්නත පිළිබඳව සටහන් තබා ගැනීමට, ඒ සඳහා නියමිත වේලාවට ඔබට මතක් කිරීම් යැවීමට DubaiNow යෙදුම ඔබට ඉඩ සලසයි.

3. Digital Sharjah – සාජා රජය

ඔබට mParking සහ උපයෝගිතා බිල්පත් වැනි සේවාවන් සඳහා ගෙවීමට, නව ආයෝජකයෙකු ලෙස ලියාපදිංචි වීම වැනි විවිධ රාජ්‍ය සේවා මෙන්ම විවිධ රාජ්‍ය ආයතන හරහා විවිධ සේවාවන් ලබාගැන්ම සඳහා අයදුම් කිරීමට සහ එම ඉල්ලීම් නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි.

4. AjmanOne – අජ්මාන් රජය

ඔබගේ බිල්පත් ගෙවීමට, වාහන බලපත්‍රය අලුත් කිරීමට, සාප්පු සංකීර්ණ, ක්‍රීඩා සමාජ, රූපලාවන්‍යාගාර පිළිබඳ මෙන්ම ආසන්නතම ආකර්ෂණීය ස්ථාන සොයා ගැනීමට හෝ කුලී රථයක් වෙන්කරවා ගැනීමට මෙන්ම තවත් බොහෝ සේවාවන් ලබාගැන්මට මෙ​ම යෙදුම ඔබට පහසුකම් සලසාලයි.

5. SmartUAQ – උම් අල් කුවේන් රජය

ඔබට රාජ්‍ය සේවා සඳහා ගෙවීමට, රජයේ සේවා ඉල්ලීම් ආරම්භ කිරීමට සහ යෙදුම හරහා ඒවායේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට හැකිය. එමීර් රාජ්‍යය පිළිබඳ සාමාන්‍ය තොරතුරු ඇතුළුව රජයට සහ උම් අල් කුවේන්හි එමීර් රාජ්‍යයට අදාළ නවතම නිවේදන සහ ප්‍රවෘත්ති පිළිබඳ යාවත්කාලීන කිරීම් ද සපයයි.

6. mRak – රසල් කයිමා රජය

විවිධ රාජ්‍ය ආයතන හරහා ඔබට අවශ්‍ය සේවා ඉටුකර ගැන්ම​ට, ගෙවීම් සිදුකිරීමට, විවි​ධ තොරතුරු ලබාගැන්මට මෙන්ම සේවාවන් සඳහා අයදුම් කිරීමට ඉඩ ලබා​දේ.

7. Digital Fujairah – ෆුජයිරා රජය

රාජ්‍ය සේවා, සෞඛ්‍යය, අධ්‍යාපනික, ප්‍රවාහන හා දෛනික ජීවිතයේ විවිධ අවශ්‍යතා සඳහා තොරතුරු ලබාගැන්මට මෙම යෙදුම හරහා ඔබට අවස්ථාව ලබාදේ.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි, 2023 වසරේ පළමු භාගයේදී පොදු ප්‍රවාහන ගමන් මිලියන 337ක් වාර්තා කරයි
Next Article චැට් තිරයෙන් කෙලින්ම කණ්ඩායම් වලට නව සාමාජිකයින් එක් කරන්න WhatsApp නව විශේෂාංගය හඳුන්වා දෙයි
Stanly Kularathna

Related Posts

පොසොන් පුන් පොහොය අදයි

June 10, 2025

ඩුබායි දේශයේ පොසොන් ශීල සමාදාන පිංකම හා සන්ධ්‍යා සම්බුද්ධ පූජාවට ඔබත් එක්වන්න

June 10, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.