ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් nol Pay යෙදුමේ යාවත්කාලීන අනුවාදයක් නිකුත් කර ඇත. නිල ගෙවීම් නාලිකාවේ නව අනුවාදයේ නව්‍ය විශේෂාංග හතරක් ඇති බව අධිකාරිය පසුගියදා නිවේදනය කළේය.
ස්මාර්ට් පෙරගෙවුම් කාඩ්පතක් වන නොල්, වර්ග හතරකින් ලබා ගත හැකිය: වැඩිහිටියන්, සිසුන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ආභාධිත පුද්ගලයින්. RTA හි පොදු ප්‍රවාහන ක්‍රම, පොදු වාහන නැවැත්වීම, සංචාරක ආකර්ෂණ ස්ථාන සහ සාප්පු වල ගාස්තු ගෙවීමට එය පරිශීලකයින්ට ඉඩ සලසයි.
nol Pay හි නව විශේෂාංග අතර,
- ඕනෑම වේලාවක, ඕනෑම තැනක, සහ සියලු නාලිකාවන් හරහා ක්ෂණිකව ශේෂය ඉහළ නැංවීමක් කලහැකිය
- පරිශීලකයින්ට ඔවුන්ගේ nol කාඩ්පත් යෙදුම හරහා පහසුවෙන් නැවත ආරෝපණය (recharge) කිරීමට ඉඩ සලසයි
- පරිශීලකයින්ට ඔවුන්ගේ RTA ගිණුම ඔවුන්ගේ ඩිජිටල් හැඳුනුම්පත සමඟ සම්බන්ධ කිරීමෙන් පුද්ගලීකරණය කළ නොල් කාඩ්පත් සඳහා අයදුම් කිරීමට හෝ අලුත් කිරීමට හැකිය.
- හඳුනා නොගත් නොල් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේදී පරිශීලකයින්ට ඔවුන්ගේ ඩිජිටල් හැඳුනුම්පත් ගිණුම් සමඟ ලොග් වීම සරල කර ඇති අතර යෙදුම් තත්ත්වය නිරීක්ෂණය කිරීමේ සේවාව ද සපයයි.
“nol Pay යෙදුමේ ඇති සේවාවන් ඩුබායි හි විවිධ පොදු ප්‍රවාහන ක්‍රම හරහා ගමන් කරන මගීන් සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් කරයි” යනුවෙන් RTA පවසයි.