එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට මෙම ග්‍රීෂ්ම සෘතුවේ සංචාරයන්​ සඳහා විදේශගත වීමට පෙර තම නිවෙස් සුරක්ෂිත කර ගන්නා ලෙස ඉල්ලා සිටී. ඔවුන්ගේ අඛණ්ඩ ‘සුරක්ෂිත ගිම්හාන’ (‘Safe Summer’) ව්‍යාපාරයේ කොටසක් ලෙස, අබුඩාබි පොලිසිය නිවාස වල දොරවල්, ජනෙල්, ඇතුල්වීම් සහ පිටවීම් වැනි ප්‍රවේශ ස්ථාන සඳහා පූර්වාරක්ෂාව ගැන සැලකිලිමත් වන ලෙස සිහි කැඳවීම නිකුත් කළේය. අමතර ආරක්‍ෂක පියවරක් එක්ක​රමින් නිවස තුළ සහ ඒ අවට සිදුවන යම් සැක කටයුතු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණ කැමරා සවි කරන ලෙසද ඔවුහු උපදෙස් දුන්හ.

බැංකු හෝ හොඳින් ආරක්ෂිත සේප්පු වැනි ආරක්ෂිත ස්ථානවල වටිනා භාණ්ඩ හා ඉතුරුම් ගබඩා කිරීමට මහජනතාව තවදුරටත් දිරිමත් කර තිබේ. ආරක්ෂක පියවරයන් වැඩිදියුණු කිරීම සඳහා ස්මාර්ට් තාක්ෂණයන් සහ අනතුරු ඇඟවීමේ පද්ධති භාවිතා කිරීම ද නිර්දේශ කරයි.

මීට අමතරව, විදුලිය සහ ගෑස් පද්ධතිවල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිවාසවල වරින් වර නඩත්තු කිරීමේ වැදගත්කම පොලිසිය අවධාරණය කර ඇති අතර එමඟින් ගිනි හා විදුලි ආපදා අවදානම අවම කරයි.

එපමනක් නොව, පුද්ගලයන්ට ඔවුන්ගේ ගමන් සැලසුම් පිළිබඳව තම අසල්වැසියන්ට දැනුවත් කර​න ලෙස ඉල්ලා සිටි අතර, එවිට ඔවුන් නොමැති විට ඔවුන්ගේ දේපළ පිළිබඳව අසල්වැසියන්ට අවධානයෙන් සිටීමට හැකියාව ලැ​බේ.

මෙම වැළැක්වීමේ පියවරයන් අනුගමනය කිරීමෙන් පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට තම නිවෙස් සහ භාණ්ඩවල ආරක්ෂාව සහතික කළ හැකි අතර, ප්‍රජාවේ සෑම දෙනාටම ‘සුරක්ෂිත ගිම්හානයකට’ (‘Safe Summer’) දායක විය හැකි බව පොලිසිය පවසයි.

Share.

Comments are closed.