මෙම ක්‍රමය ඉතා පහසු හා කාර්යක්ෂම ක්‍රමයක්බවට පාරි​භෝගිකයින්ගේ ප්‍රසාදය දිනාගෙන තිබුණ නමුත් රජය පවසන්නේ වියදම ආදායමට වඩා වැඩි නිසා අත්හිටුවීම සිදු කළ බවයි. විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්‍ෂ 07කට වැඩි සංඛ්‍යාවක් වර් ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15ක් පමණ වැයවන බවත් පැවසේ. නිෂ්පාදන වියදම වැඩි යයි සලකා කාර් යක්ෂම ක්‍රමය අත්හැර දැමීමට තීරණය කර නැවත අකාර් යක්ෂම හා ප්‍රමාද සහිත ක්‍රමයට වෙනස්වීම අවාසනාවන්ත කාරණාවක් බව මීට ප්‍රතිචාර ලෙස පාරිභොගික විරෝධය ලැබී ඇත.

එම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර සඳහාද ඩොලර් මිලියන ගණනක් වැය කිරීමට සිදුව ඇති බවත් මෙලෙස අධික වියදම හේතුවෙන් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම දුෂ්කර වී ඇති බවත් බලධාරීන්ගේ මතයයි. මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ වර් ෂයක දී ඉලෙක්ට්‍රෙනික විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් පමණ නිකුත් කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් තරම් අති විශාල මුදලක් වැය වන නිසා මෙම තීරණය ගත් බවයි.

අන්තර් ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත‍්‍ර ලබාගැනීම පසුගිය ජුනි 15 වන දින සිට ඇරඹි අතර එය ක්‍රියාත්මක කරන ලද්දේ මාස එකහමාරක් පමණි. මෙම ක්‍රමය ක්‍රියාව​ට නැංවීම හේතුවෙන් බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද අවසන් වී තිබුණි.

මෙම ක්‍රමය හඳුන්වාදුන් අවස්ථාවේ විශාල ලෙස මුදල් වියදම් කොට පුවත්පත් වල සම්පූර්ණ පිටු ගනන් දැන්වීම් පළ කරමින් ඒ ගැන වි​ශේෂ ප්‍රචාරයක් ලබාදීමටද රජය කටයුතු කළ අතර දැන් වියදම් වැඩි බව පවසා ඊ-පාස්පෝට් නිකුත් කිරීම අත්හිටුවීම ප්‍රශ්නගත කාර​ණයක් බව විචාරකයන් පෙන්වා දෙනවා. රජය ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට මත්තෙන් ඒ පිළිබඳව යම් අධ්‍යනයක් කොට ආදායම සහ වියදම පිළිබඳ පෙර විවරණයක් කල යුතුව තිබූ බවත්, ජනතාවට සේවයක් සැපයීමේදී ලාභයම පමණක් මුල්කොට නොගෙන තාක්ෂණික වශයෙන් හා කාලීන අවශ්‍යතාවයන්​ට මුල්තැනක් නොදීම කණගාටුවට කාරණාවක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ඊ-පාස්පෝට් නිකුත් කිරීම අත්හිටුවීම නිසා පැරණි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය නැවතත් ඉදිරියට පවත්වාගෙන යාමට සිදුව ඇති අතර නැවත පෝලිම් ඇතිවනු ඇත. ඉදිරියේදී නැවත ඉලෙක්ට්‍රෝනික විදේශ ගමන් බලපත්‍රය පිළබඳව සලකා බැලීමටත් තිරණය කර ඇති බව පැව​සේ.

Share.

Comments are closed.