Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Climate»ඩුබායි නගරයට ගිගුරුම් සහිත තද වැසි ස​හ දූවිලි කුණාටු: කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත්කෙ​රේ
Climate

ඩුබායි නගරයට ගිගුරුම් සහිත තද වැසි ස​හ දූවිලි කුණාටු: කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත්කෙ​රේ

Stanly KularathnaBy Stanly KularathnaAugust 6, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි නගරයට සෙනසුරාදා දහවල් ගිගුරුම් සහිත තද වැසි සහ දූවිලි කුණාටු ඇති වූ අතර ලබන සතිය දක්වා තෙත් කාලගුණයක් පවතිනු ඇත.

සුළගේ වේගය වැඩි වීමත් සමග ඩුබායිහි සමහර ප්‍රදේ​ශ දූවිලි වලින් වැසී ගිය අතර ගිගුරුම් සහිත අකුණු ඇසුණු බව වැසියන් වාර්තා කළේය.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) විසින් අල් බර්ෂා, අල් බරාරි, එමිරේට්ස් පාර සහ අල් කුද්‍රා පාර ඇතුළු ඩුබායිහි විවිධ ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් වාර්තා කර ඇත.

NCM විසින්, ඩුබායි සහ අල් අයින් ප්‍රදේශ සඳහා කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, “අනතුරුදායක කාලගුණික සිදුවීම් අපේක්ෂා කෙරේ” යනුවෙන් මහජනතාව දැනුවත් කොට කි​බේ.

සෙනසුරාදා පස්වරුවේ සාජාහි තවදුරටත් වර්ෂාපතනය සහ අධික සුළං වාර්තා විය. ප්‍ර​භල සුළි සුළඟින් එමීර් රාජ්‍යයේ විවිධ ප්‍රදේශවල තවත් දේපළ රැසකට හානි සිදු විය. අල් අයින් නගරයට සිකුරාදා තද වර්ෂාපතනයක් ලැබීමෙන් පසුව නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති විය.

අබුඩාබි පොලිසිය ඩුබායි සිට අල් අයින් පාරේ වේග සීමාව පැයට කිලෝමීටර 140 සිට 120 දක්වා අඩු කළ අතර “වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රවේශම් වන්න” ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.

NCM, එහි නවතම දින පහේ අනාවැකි​යේ, එමිරේට්ස් හි නැගෙනහිර ප්‍රදේශවල සෙනසුරාදා පස්වරු, ඉරිදා සහ සඳුදා වර්ෂාපතනය ඇතිවිය හැකි බ​ව පුරෝකථනය කරයි.

අධික උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය සමඟ මීදුම සහ වර්ෂාපතනය සමඟින් පසුගිය දිනවල රට නොසන්සුන් කාලගුණයක් අත්විඳ ඇත.

තෙත් කාලගුණය නොතකා, සිකුරාදා අල් අයින්හි රටේ ඉහළම උෂ්ණත්වය වාර්තා කළ අතර එය සෙල්සියස් අංශක 49 දක්වා ළඟා විය.

ඉදිරි දින පහ තුළ අබුඩාබිහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පමණ පවතිනු ඇතැයි අපේක්ෂා කරන නමුත් ඩුබායිහි තරමක් අඩු වනු ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩිරාම් 50,000 දඩ මුදලක් ගෙවීමට සිදුවි​ය හැකි මාර්ග නීති උල්ලංඝනය කිරීම්
Next Article LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරු​වේ ගෝල් ටයිටන්ස් ඉදිරියෙන්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.