මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) කොටසක් වන ඩුබායි කුලී රථ සංස්ථාව (DTC), ලිමොසින් රියදුරන්, පාසල් බස් රථ රියදුරන් සහ බස් රථ අධීක්ෂකවරුන්/සේවකයින් බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ සංවිධානය කොට තිබෙනවා. ඕනෑම ජාතියකට අයත් සුදුසුකම් ඇති පුද්ගලයන්​ට බඳවා ගැනීමේ කාර්යාලයට පැමිණෙන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.

රියදුරු සහ අධීක්ෂක තනතුරු සඳහා walk-in interviews අගෝස්තු 11 ව​න සිකුරාදා උදේ 7:00 සිට පෙ.ව.11:00 දක්වා Privilege Labour Recruitment Office M-11, Abu Hail Centre හිදී පැවැත්වෙනවා.

ලිමොසින් රියදුරන් වීමට කැමති අය සඳහා, ඩිරාම් 7,000 ට වැඩි මාසික ආදායමක් ලබාගත හැ​ක. සුදුසුකම් ලැබීමට, අයදුම්කරුවන්ට අවම වශයෙන් වසර දෙකක පළපුරුද්දක් සහ ඔවුන්ගේ මව් රට, UAE හෝ GCC වෙතින් රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.

පාසල් බස් රථ රියදුරු භූමිකාව සඳහා අයදුම් කරන පුද්ගලයින්ට ඩිරාම් 2,700 ක වැටුපක් ලැබේ. ඔවුන් වයස අවුරුදු 23 සහ 45 අතර විය යුතු අතර UAE රියදුරු බලපත්‍රයක් (බර වාහන අංක 6) තිබිය යුතුය.

බස් රථ supervisor/attendant තනතුර සඳහා වයස අවුරුදු 23 සිට 45 දක්වා කාන්තාවන් බඳවා ගනී. තෝරාගත් අයට ප්‍රතිලාභ සමඟින් ඩිරාම් 1,500 සිට ඩිරාම් 1,800 දක්වා මාසික වැටුපක් ලැබේ.

අප්‍රේල් මාසයේදී, ඩුබායි ටැක්සි විසින් 2022 දී ‘DTC යෙදුම’ භාවිතයෙන් වැඩිම සංචාර සම්පූර්ණ කළ රියදුරන් දස දෙනෙකු හඳුනා ගන්නා ලදී. මෙම පිළිගැනීම රියදුරන්ට ඔවුන්ගේ කාර්යය හොඳින් කිරීමට ත්‍යාග ලබාදී​ම සහ උද්යෝගීමත් කිරීමේ ඔවුන්ගේ උත්සාහයේ කොටසකි.

තවද, සිසුන් 20,000 කට අධික සංඛ්‍යාවක් සිටින රජයේ පාසල් 58ක් ඔවුන්ගේ පාසල් බස් යෙදු​මේ (DTC School Bus App) ඇතුළත් කිරීමටද ඔවුන් පටන් ගෙන ඇත. මෙම පියවර එමීර් රාජ්‍යය පුරා පිහිටි රජයේ පාසල් වෙත ඔවුන්ගේ සේවාවන් ව්‍යාප්ත කිරීමේ සැලැස්මේ කොටසකි. දැනට, DTC හි පාසල් බස් රථ මාර්ග 800 ක් පමණ ආවරණය කරයි.

Share.

Comments are closed.