Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යැවූ පිරිස 500 ඉක්මවයි
Foreign Employment

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යැවූ පිරිස 500 ඉක්මවයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 11, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශය හා ඊශ්‍රායලයේ PIBA ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව මේ දක්වා ශ්‍රි ලාංකිකයින් 505 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිවී තිබේ.

අගෝස්තු මස 13 හා 15 යන දිනයන්හි ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව යාමට නියමිත තවත් ලාංකිකයින් 25 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම ඊ​යේ දිනයේදී (2023.08.10) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකෙරුණු අතර, ඊට කාන්තාවන් 24 දෙනෙකු හා එක් පිරිමි පුද්ගලයෙකු අයත්වි​ය. මෙම පිරිසත් සමග 2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 266 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිව තිබෙනවා.

ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීම සදහා එරට පීබා ආයතනය සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර ලංකාවෙන් ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටද සහතික විය.

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී තිබේ.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍යයට තවත් වැසි: ජූනි මාසයේ සිට වලාකුළු වැපිරීමේ මෙහෙයුම් 22 ක්
Next Article ධාවනයට තහනම් ප්‍රදේශවලින් පසුකර යාමේ නීති කඩ කරන රියදුරන්ට ඩිරාම් 1,000​ක දඩයක්
Stanly Kularathna

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.