විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නිවාස ඉදි කිරීමේ වැඩපිළිවෙලක් ජාතික නිවාස සංවර් ධන අධිකාරිය අරඹයි. විදේශ සේවා නියුක්ති කාර් යාංශය හා ජාතික නිවාස සංවර් ධන අධිකාරිය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි.

ක්‍රමවේද 03 ක් ඔස්සේ මෙම නිවාස ඉදිකර දිමට අපේක්ෂිතය. එම ක්‍රමවේද වන්නේ:

  • සිය ඉඩමක නිවාසයක් ඉදිකර දීම.
  • ඉඩම් නොමැති අයට නාගරික ප්‍රදේශයෙන් පිටත ඔවුන් කැමති ප්‍රදේශයක නිවාස ඉදිකර දීම.
  • මහල් නිවාස ඉදිකර දීම.

මේ නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය සහයෝගය ලබාදෙන අතර ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතයි. මීට අදාළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව විෂයභාර ඇමතිවරුන් වන ප්‍රසන්න රණතුංග හා මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් ඉදිරියේ දි ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය මගින් නිවාස අවශ්‍යතාව ඇති විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳව සමීක්ෂණයක් සිදු කර ඇති අතර ඊට අයදුම්පත් 1000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි වාර්තා වේ. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින්ද මෙම නිවාස අවශ්‍යතාව සහිත විදේශගත ශ්‍රමික පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරෙමින් පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පව​සයි.

Share.

Comments are closed.