Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Municipality»ඩුබායි ඉදිකිරීම් කටයුතු ​වේගවත් කිරීමට x-ray, රොබෝවරු සහ කෘතීම බුද්ධි​ය භාවිතා කරයි
Dubai Municipality

ඩුබායි ඉදිකිරීම් කටයුතු ​වේගවත් කිරීමට x-ray, රොබෝවරු සහ කෘතීම බුද්ධි​ය භාවිතා කරයි

Stanly KularathnaBy Stanly KularathnaAugust 17, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි මහ නගර සභාවේ ඩුබායි මධ්‍යම රසායනාගාරය(Dubai Central Laboratory) යනු විවිධ වර්ගයේ සිමෙන්ති සහ අනෙකුත් ඉදිකිරීම් අමුද්‍රව්‍ය පිළිබඳ ස්වයංක්‍රීය රසායනික විශ්ලේෂණය සහ පරීක්ෂණ සිදු කරන පර්යේෂ​ණ මධ්‍යස්ථා​නයයි.

ඩුබායි මහ නගර ඉදිකිරීම් තාක්ෂණය

මෙම තාක්‍ෂණය හොඳම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මහ නගර සභාවේ ඉදිකිරීම් පරීක්ෂණ සේවාවන්හි ගුණාත්මකභාවය වැඩි දියුණු කරනු ඇත.

මහ නගර සභාවේ ඩුබායි මධ්‍යම රසායනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂිකා හින්ද් මහමුද් අහමඩ් පැවසුවේ: “රොබෝවරු හරහා ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ සිමෙන්ති නිෂ්පාදනවල රසායනික විශ්ලේෂණය නිශ්චිතවම සිදු කිරීමට X-කිරණ භාවිතා කරන අතර එමඟින් ඉදිකිරීම් අංශයේ අවශ්‍යතා ඵලදායී ලෙස සපුරාලීමට ඉඩ සලසන අත​ර සුපිරි වේගයකින් ඉහළම නිරවද්‍යතාවයෙන් යුත් පරීක්ෂණ සම්පූර්ණ කිරීම සඳහා හැකියාව ලැබෙනවා.”

“මෙම තාක්‍ෂණය මඟින් පරීක්ෂණ කාලසීමාව දින 4 සිට මිනිත්තු 8 දක්වා කෙටි කරයි, පෙර තත්ත්වයන්ට සාපේක්ෂව දෛනික​ව පරීක්ෂා කරන සාම්පලවල අනුපාතය 650% දක්වා වාර්තාගත වැඩිවීමක් පෙන්නුම් කරනවා.

“මෙය උපදේශන අංශයට සහ කොන්ත්‍රාත්කරුවන්ට රසායනාගාර ප්‍රතිඵල ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන අතර, ඔවුන්ගේ නියමිත කාලසීමාවන්ට අනුව ව්‍යාපෘති අදියර නියමිත වේලාවට නිම කිරීම සහතික කෙරේ.

“මෙය ඩුබායි මහ නගර සභාව විසින් ඩිජිටල් සහ තරඟකාරී ව්‍යාපාරික ක්‍රම අනුගමනය කිරීම, පුරෝගාමී කෘතිම බුද්ධි තාක්ෂණයන් යෙදීම සහ සේවාවන්හි ගුණාත්මක භාවය ඉහළ නංවන සහ ක්‍රියාකාරීත්වය විධිමත් කිරීම සඳහා ඩිජිටල් විසඳුම් අනුගමනය කිරීමේ උත්සාහයේ කොටසකි.”

සිමෙන්ති සඳහා වූ පරීක්ෂණ කොන්ක්‍රීට් මිශ්‍රණවල වැදගත් අංගයක් වන අතර ඒවා පරීක්ෂා කිරීමේ ප්‍රතිඵල ගොඩනැගිලිවල ගුණාත්මකභාවය සහ තිරසාරභාවය කෙරෙහි බලපෑමක් ඇති කරන බවත්, ඒවායේ ආයු කාලය වැඩි කිරීමට සැලකිය යුතු ලෙස දායක වන බවත් ඇය අවධාරණය කළාය.

විවිධ ගොඩනැගිලි ඉදිකිරීම් මෙන්ම ඉදිකිරීම් නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය පිළිබඳ මූලික තක්සේරුව ඉලක්ක කර ගනිමින් මධ්‍යම රසායනාගාරයේ විශේෂිත පර්යේෂණ අධ්‍යයන සකස් කිරීම සඳහා මෙම තාක්ෂණය ඉදිරියේදී භාවිතා කරන බව ද ඇය පෙන්වා දුන්නාය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleපාසල් ආශ්‍රිත කලාපවල මාර්ග නීති හා දඬුවම් නිවේදනය කෙ​රේ
Next Article ව්‍යාජ මුදල් අලෙවි කරන්නන්ට එරෙහිව මහජනතාවට අනතුරු අඟවයි
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.