“WhatsApp හි ඡායාරූප බෙදාගැනීම සඳහා නවීකරණයක් ලැබී ඇත, දැන් ඔබට ඡායාරූප HD වලින් යැවිය හැක” Meta නිර් මාතෘ සහ ප්‍රධාන විධායක Mark Zuckerberg ෆේස්බුක් සටහනක් හරහා පැවසීය.

Meta නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg WhatsApp භාවිතා කරන්නන් සඳහා ප්‍රධාන යාවත්කාලීන කිරීමක් නිවේදනය කර ඇති අතර, ඔවුන්ට පණිවිඩකරණ නාලිකාව හරහා අධි-විභේදන (HD) ගුණාත්මක ඡායාරූප යැවීමට ඉඩ සලසයි.

මෙම පියවර WhatsApp හි ඡායාරූප බෙදාගැනීමේ අත්දැකීම වැඩිදියුණු කිරීම අරමුණු කරයි. කෙසේ වෙතත්, කාර්යක්‍ෂම සහ විශ්වාසනීය ඡායාරූප බෙදාගැනීමක් පවත්වා ගැනීම සඳහා, ඡායාරූප යැවීමේ සම්මත තත්ත්වයෙන් දිගටම පවතිනු ඇත.

සීමිත සම්බන්ධතාවක් (limited connectivity) ඇති පරිශීලකයින් සඳහා, ලැබුණු ඡායාරූපවල සම්මත අනුවාදය සහ HD අනුවාදය අතර තේරී​ම පරිශීලකයාට ලබාදෙයි. එක් එක්-ඡායාරූපයක් මත විකල්පය ලබා ගත හැකිය. මෙය පරිශීලක සම්බන්ධතා තත්ත්වය මත පදනම්ව නම්‍යශීලී වීමට ඉඩ සලසයි.

HD ඡායාරූප ක්‍රියාත්මක කිරීම ඉදිරි සති කිහිපය තුළ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වනු ඇත. මීට අමතරව, HD වීඩියෝ හඳුන්වාදීම​ට ද සූදානම් වෙමින් පවතින බව සමාගම අනාවරණය කොට තිබෙනවා.

මෙම වැඩිදියුණු කල සේවාවෙන් බලාපොරොත්තු වන්නේ පරිශීලකයින්ට ඉහළ විභේදනයකින් විශේෂ අවස්ථා බෙදා ගැනීමට හැකිවීම, මිතුරන්ට සහ පවුලේ අයට සෑම විස්තරයක්ම භුක්ති විඳිය හැකි බව සහතික කිරීමයි.

මෙම වැඩි දියුණු කළ බෙදාගැනීමේ අත්දැකීම නාලිකා​වේ අන්ත දෙක අත​ර සංකේතනය (end-to-end encryption) කිරීම මගින් සුරක්ෂිතව පවතින බව WhatsApp තවදුරටත් අවධාරණය කළේය.

Share.

Comments are closed.