පසුගිය 19 වන දා සිංගප්පූරුවේ චැගි නගරයේ පැවැත්වුණ ලෝක කායවර්ධන ශූරතා තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් තුනක් දිනා දෙමින් කීර්තියක් අත්කර දුන් ජයරුක්ෂි සමන්කුල ඊයේ උදෑසන මවුබිමට පැමිණියා.

ඒ, ඊයේ උදෑසන 9.55ට කටුනායක ගුවන් තොටුපළට සම්ප්‍රාප්ත වුණ එයාර් ඒෂියා AK-45 ගුවන් යානයෙන්.

එම තරඟාවලියේදී ඇය තරඟ කළ Sport Model open, Lifestyle Model over 30 සහ Lifestyle Model open අංශ තුනෙන්ම ලෝකඩ පදක්කම් තුනක් දිනාගත්තා.

ජාත්‍යන්තර ශරීර යෝග්‍යතා සම්මේලනය(FIF) මෙම තරඟාවලිය පැවැත්වූයේ පළමුවරටයි.

ශ්‍රී ලංකාවෙන් මෙම තරඟාවලිය නියෝජනය කළ එකම තර​ඟකාරි​ය වන්නේද ජයරුක්ෂි සමන්කුල බවයි වාර්තා වන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් ආයතනයහි සේවයේ නියුතු දිනේශ් ජයසූරිය​ මහතාගේ බිරිඳව​න ජයරුක්ෂි සමන්කුල මෙම තරඟාවලියට සහභාගීවීම සඳහා පිටත්ව ගොස් ඇත්තේ ඇය පදිංචිව සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටය. තරඟාවලියට පෙර ඇය ඒ සඳහා අවශ්‍ය ශාරීරික පුහුණුවීම් සහ අභ්‍යාසයන් සිදුකර ඇත්තේ එහිදීය.

ඊයේ උදෑසන ඇයගේ මවුපියන්, පුහුණුකරු සහ තවත් කිහිපදෙනෙකු ඇය පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

Share.

Comments are closed.