ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් වාර්තා කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව 2023 වසරේ මේ දක්වා සංචාරකයින් 860,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ තිබේ.

ඒ අනුව, මේ වසරේ ජනවාරි මාසයේ සිට සංචාරකයින් 866,744ක් පැමිණ ඇති අතර, ඉන් 98,831ක් අගෝස්තු මාසයේ මුල් දින 20 තුළ වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

සංචාරකයින්ගෙන් බහුතරයක් ඉන්දීය ජාතිකයින් බව හඳුනාගෙන ඇති අතර, බ්‍රිතාන්‍ය සහ චීන ජාතිකයින් විශාල සංඛ්‍යාවක් ද දිවයිනට ඇතුළු වන බව වාර්තා වේ.

Share.

Comments are closed.