ආරක්ෂිත අවදානම් මඟහරවා ගැනීම සඳහා ඩුබායි පොලිසිය සංචාර අතරතුර තහනම් භාණ්ඩ රැගෙන යාමට එරෙහිව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පසුගියදා ට්විටර් හරහා උපදේශනයක් නිකුත් කරන ලද අතර එහි සඳහන් වූයේ. “ආරක්ෂිත ගමන් සඳහා, තහනම් භාණ්ඩ රැගෙන යාමෙන් වළකින්න, ඒවා ඔබේ ආරක්ෂාවට සහ ඔබ අවට සිටින අයට අවදානම් ඇති කරයි”
තහනම් භාණ්ඩ ලෙස සැලකෙන්නේ:
- තියුණු මෙවලම් හෝ ආයුධ
- මිලිලීටර් 100 ට වැඩි දියර වර්ග
- ලයිටර්
- ලිතියම් බැටරි
- මධ්‍යසාර වර්ග
- ගිනිගන්නා සුලු ද්‍රව්‍ය
- සම්පීඩිත වායු