ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය අ​ද සිට ආරම්භ වීමට නියමිතයි. තරඟාවලිය සඳහා “A” කාණ්ඩය යටතේ ඉන්දියාව, නේපාලය සහ පකිස්ථානය සහභාගී වන අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, සහ ශ්‍රී ලංකාව “B” කාණ්ඩය යටතේ සහභාගී වේ.

පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ දී මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතයි. පළමු තරඟය අද පකිස්තානය සහ නේපාලය අතර දිවා රාත්‍රී තරගයක් ලෙස පාකිස්තානයේ මුල්තාන්හි දී පැවැත් වේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තර​ඟය හෙ​ට පල්ලෙකැලේ ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතය.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙන අතර එයට අයත් ක්‍රීඩකයන් වන්​නේ.

  • දසුන් ශානක – නායක
  • කුසල් මෙන්ඩිස් – උප නායක
  • පැතුම් නිශ්ශනක
  • දිමුත් කරුණාරත්න
  • කුසල් ජනිත් පෙරේරා
  • චරිත් අසලංක
  • ධනංජය ද සිල්වා
  • සධීර සමරවික්‍රම
  • මහේෂ් තීක්ෂණ
  • දුනිත් වෙල්ලාලගේ
  • මතීෂ පතිරණ
  • කසුන් රාජිත
  • දුෂාන් හේමන්ත
  • බිනුර ප්‍රනාන්දු
  • ප්‍රමෝද් මධුෂාන්
Share.

Comments are closed.