පාකිස්තානය සහ නේපාලය අතර පාකිස්තානයේ මුල්තාන් නුවරදී පැවැති 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක තරගයේදී ලකුණු 238 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 343 ක ඉලක්කයක් හඹාගිය නේපාලයට ඕවර 23.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 104 ක් පමණි. නේපාල කණ්ඩායමේ පිතිකරුවන් 7 දෙනකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ ශදාබ් බාන් ලකුණු 27 කට කඩුලු 4 ක් බිඳහෙලූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් හාරිස් රවුෆ් ලකුණු 16 කට කඩුලු 2 ක්ද, ශහීන් අෆ්රිඩි ලකුණු 27 කට කඩුලු 2 ක්ද දවාගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 342 ක් ලබාගත් අතර බාබර් අසාම් (151) සහ ඉග්නිකර් අහමඩ් (නොදැවී 109) ශතක ලබාගනිමින් පාකිස්තාන ඉනිම සවිමත් කළහ. පන්දු 131 කදී වාර්තා වූ බාබර් ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 14 කින් සමන්විත වූ අතර පන්දු 71 කට මුහුණදුන් ඉල්තිකර් හයේ පහර 4 කින් සහ හයේ පහර 11 කින් ඉනිම සැරසුවේය.

ලකුණු 25 කට කඩුලු 2 ක් දැවී යෑමෙන් අනතුරුව මොහොමඩ් රිස්වාන් (44) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 106 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බාබර්, ඉන් නොනැවතී ඉෆ්තාකර් අහමඩ් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 131 කදී ලකුණු 24 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් පාකිස්තාන ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පාකිස්තානය – ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 342

(බාබර් අසාම් 151, මොහොමඩ් රිස්වාන් 44, ඉග්නිකර් අහමඩ් නොදැවී 109, සෝම්පාල් කාමි 85/2)

නේපාලය – ඕවර 23.4 කදී සියලු දෙනා දැවී 104

(අරිෆ් ෂෙයිබ් 26, සෝම්පාල් කාමි 28, ශදාබ් ඛාන් 27/4, හාරිස් රවුෆ් 16/2, ශහීන් අෆ්රිඩි 27/2)

Share.

Comments are closed.