එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුද්ගලයන් 20 – 49 ත් අතර සේවක ප්‍රමාණයක් සේවය කරන පුද්ගලික ව්‍යාපාරවලට ඔවුන් දැනටමත් එසේ කර නොමැති නම්, එක් එමරාති සාමාජිකයෙකු බඳවා ගැනීමට තවත් මාස හතරක කාලයක් තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කුඩා සමාගම් සඳහා එමරාතීකරණ ඉලක්ක ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අතර, රටේ එමරාතීකරණ වැඩසටහනට අයත් ව්‍යාපාර සංඛ්‍යාව පුළුල් කරන ලදි.
සේවක සංඛ්‍යාව 20කට වඩා වැඩි නමුත් 50කට අඩු සමාගම් සඳහා 2024 ජනවාරි 1 වැනිදා වන විට එක් එමරාති ජාතිකයකු නිපුණතා සහිත කාර්ය මණ්ඩලයක සිටිය යුතු අතර තවත් අයකු 2025 ජනවාරි 1 වැනිදා සේවයේ යෙදිය යුතු බව මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය පවසයි.
නිශ්චල දේපල, අධ්‍යාපනය, ඉදිකිරීම් සහ සෞඛ්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර 14ක් ආවරනය කරන පුද්ගලික සමාගම් සඳහා මෙම අවශ්‍යතාවය අදාළ වේ.
ජනවාරි 1 වන දිනට අනුකූල වීමට අපොහොසත් වන සමාගම් ඩිරාම් 96,000 ක දඩයකට මුහුණ දෙයි. 2025 දී එමරාතීවරුන් දෙදෙනෙකු සේවයේ යොදවා නොමැති ව්‍යාපාර සඳහා එම දඩය ඩිරාම් 108,000 දක්වා වැඩි වනු ඇත.
මීට පෙර එමරාතීකරණ නීතිවලට යටත් වූයේ සේවකයන් 50ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින පෞද්ගලික සමාගම් පමණි. නිදහස් කලාපවල එම ව්‍යාපාර මෙම තීන්දුවෙන් නිදහස් කරන ලදී.
නිදහස් කලාපවල සේවකයින් 20 සිට 49 දක්වා සිටින සමාගම් සඳහා එම නිදහස් කිරීම අදාළ වන්නේද යන්න තවමත් තහවුරු කර නොමැත.
තීන්දුව බලපාන අංශ වන්නේ:
- තොරතුරු සහ සන්නිවේදනය
- මූල්‍ය හා රක්ෂණ කටයුතු
- දේපල
- වෘත්තීය සහ තාක්ෂණික ක්‍රියාකාරකම්
- පරිපාලන සහ උපකාරක සේවා
- කලා සහ විනෝදාස්වාදය
- පතල් සහ ගල් කැණීම්
- පරිවර්තන කර්මාන්ත (Transformative industries)
- අධ්‍යාපන
- සෞඛ්‍ය සේවා සහ සමාජ ක්‍රියාකාරකම්
- ඉදිකිරීම්
- තොග සහ සිල්ළර
- ප්‍රවාහනය සහ ගබඩා කිරීම
- ආගන්තුක සත්කාර සහ නේවාසික සේවා
මෙම සතියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කළේ එමරාතීකරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් සමාගම් 500කට වැඩි ගණනකට දඩ නියම කළ බවයි.
පසුගියදා නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ජූලි මස ආරම්භයේදී එමරාතීවරුන් 79,000 සිටි පුද්ගලික අංශයේ දැන් 81,000 කට වැඩි පිරිසක් සමාගම් 17,000 ක සේවයේ යෙදී සිටී.
පසුගිය වසරේ ජුනි මාසයේ සිට ව්‍යාජ එමරාතීකරණය සම්බන්ධයෙන් සමාගම් 565කට දඬුවම් පමුණුවා ඇති අතර ජූලි මාසයේ සිට සමාගම් 129කට දඩ නියම කර ඇත.
ව්‍යාජ එමරාතීකරණය ලෙස හඳුන්වා ඇත්තේ, ආයතනයකට පවුලේ සාමාජිකයන් සැබෑ භූමිකාවක් නොමැතිව කුලියට ගැනීම, හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ගේ නමින් ව්‍යාජ රැකියා බලපත්‍ර ලබා ගැනීමෙන් රැකියා වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමයි.
මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය පැවසුවේ, දඬුවම් නියම වූ සමාගම්වලට ඩිරාම් 20,000 සිට ඩිරාම් 100,000 දක්වා දඩ මුදල් නිකුත් කර ඇති බවයි.
එම සමාගම්වලට Emirati Talent Competitiveness Council වැඩසටහනෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පුරවැසියන්ගේ රැකියා සඳහා තවදුරටත් මූල්‍ය ප්‍රතිලාභ නොලැබෙන බව සඳහන් වේ.