ඩුබායිහි පැවති සුපිරි වාහන අංක තහඩු සඳහා විවෘත වෙන්දේසියකදී ඩොලර් මිලියන 50 කට ආසන්න මුදලක් රැස්කොට තිබෙනවා. පසුගිය සති අන්තයේ පවත්වන ලද, වෙන්දේසි කිරීමට නියමිතව තිබූ මිල අධිකම තහඩුව වූ  AA70 සඳහා ඩිරාම් මිලියන 3.82 ක් ලබා ගත්තේය.

එය​ට පසුව ඩිරාම් මිලියන 3.80 සඳහා X 7777 තහඩුව​ද, ඩිරාම් මිලියන 2.85 සඳහා Z 43 තහඩුව​ද, ඩිරාම් මිලියන 2.66 සඳහා Y 96 තහඩුව​ද, ඩිරාම් මිලියන 2.3 සඳහා S 888 තහඩුව​ද වෙන්දේසි වි​ය.

දවසේ ආදායම මේ වසර මුලදී පැවැති පළමු වෙන්දේසියට වඩා 30%ක වැඩිවීමක් සනිටුහන් කළ බව මාර්ග හා ප්‍රවාහන අධිකාරිය (RTA) පවසයි.

RTA විසින් වෙන්දේසියේදී ඉලක්කම් දෙක, තුන, හතර සහ පහකින් සමන්විත විසිතුරු අංක තහඩු 90ක් ඉදිරිපත් කරන ලදී.

සුපිරි වාහන අංක තහඩු සඳහා එවැනි වෙන්දේසි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනප්‍රිය වන අතර, ලොව මිල අධිකම අංක තහඩු 10න් අටක්වත් රට තුළ අලෙවි වී ඇත.

RTA ට අනුව, විශේෂ අංක තහඩු “ඔවුන්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් සංකේතවත් කරන බැවින්” ගනුදෙනුකරුවන් ඒවා තෝරා ගැනීමට කැමැත්තක් දක්වයි.

Share.

Comments are closed.