Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»රැකියා නොමැතිව UAEහි අතරමං වූ කාන්තාවන් 40කට අධික පිරිසක් නැවත ශ්‍රී ලංකාවට
UAE Sri Lankan

රැකියා නොමැතිව UAEහි අතරමං වූ කාන්තාවන් 40කට අධික පිරිසක් නැවත ශ්‍රී ලංකාවට

Stanly KularathnaBy Stanly KularathnaSeptember 6, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රැකියාවක් නොමැතිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතරමංව සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 40කට වැඩි පිරිසක් නැවත ශ්‍රී ලංකාව වෙත යැවීම​ට කටයුතු කරමින් සිටී. ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් එක්​ව ගුවන් ටිකට්පත් සහ ගමන් ලියකියවිලි පහසුකම් සපයා ඔවුන් ශ්‍රී ලංකාව වෙ​ත යැවීමට ඉදිරිපත් වී තිබෙනවා.

මෙම කාන්තාවන් විවිධ හේතූන් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතරමංව සිටියහ. ඔවුන්ගෙන් සමහරක් සංචාර වීසා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ, රැකියා අවස්ථාවන් සොයමින් සිටියද එවැනි අවස්ථාවක් සොයා ගත නොහැකි වී ඇති අතර ඔවුන්ගේ වීසා බලපත්‍ර කල් ඉකුත් වී ඇ​ත. තවත් සමහරක්, ඔවුන්ගේ රැකියා වීසා බලපත්‍ර කල් ඉකුත් වූ නමුත්, ශ්‍රී ලංකාව වෙත නොගොස් රැඳී සිටි අය වෙයි.

අතරමං වූ මෙම කාන්තාවන් කණ්ඩායම් වශයෙන් ඩුබායි සිට කොළඹට ගුවන් මගින් රැගෙන ​යනු ලැබේ. එහි පළමු කණ්ඩායම පසුගිය මාසයේ ලංකාවට පිටත් කර හරිනු ලැබුවා.

“අපට මගක් නොපෙනී, බලාපොරොත්තු සුන් වූ බවක් දැනුනි, නමුත් පසුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ඩුබායිහි කොන්සල් ජනරාල් කාර්යාලය අපට උදව් කිරීමට ඉදිරිපත් වූ අතර, මම ඔවුන්ට සදාකාලිකවම ස්තූතිවන්ත වෙමි. නැවත ශ්‍රී ලංකාවට යාමට ලැබී​ම ගැන මම සතුටු වෙමි,” එක් කාන්තාවක් පැවසීය.

ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා මෙසේ පැවසීය. “මෙම කාන්තාවන්​ට මව්බිමට යා​මට අවස්ථාව සැළසී​මත් ඔවුන් මුහුණ දී ඇති අභියෝගවලට විසඳුම් සෙවීමත් අපගේ යුතුකමකි. ගුවන් ගමන් ගාස්තු විශාල අභියෝගයක් වූ අතර ශ්‍රමිකයින් ආපසු ගෙන්වා ගැනීම කඩිනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිලධාරීන්ට මම ස්තූතිවන්ත වෙමි. එය අපේ ජාතික ගුවන් සේවය පෙන්වා දෙන ඉහළම සමාජ වගකීම් මට්ටමයි,”

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියෙකු පැවසුවේ තම කණ්ඩායම “ජාතියට සහ එහි ජනතාවට සේවය කිරීමට ඇති කැපවීම”තුළ ස්ථිරව සිටින බවයි. “මෙම ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ආදරණීයයන් සමඟ නැවත එක්වීමට ආරක්ෂිත සහ ඉතා දැරිය හැකි මාර්ගයක් සැපයීම සඳහා ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම අපට ගෞරවයක්” යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UAE හි ප්‍රාදේශීය කළමනාකරු ශිරාන් ක්‍රෙට්සර් පැවසීය.

Global Media Insight වාර්තාවන්​ට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මිලියන 9කට අධික ජනගහනයෙන් 3.17%ක් හෙවත් මිලියන 0.32ක් ශ්‍රී ලාංකික පුරවැසියන් වේ. ඔවුන් එමිරේට්ස් හි ප්‍රමුඛම විදේශික ජාතිකයින් 10 අතර වේ.

Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවසරක් ඇතුලත අජ්මාන් අල් සෝරා ස්වභාවික රක්ෂිත​යේ විශාලත්ව​ය දෙගුණ කිරීමේ ව්‍යාපෘතියක්
Next Article UAEහි ව්‍යාජ භාණ්ඩ විකිණීම සඳහා ඩිරාම් මිලියන 1 දක්වා දඩයක් හා සිරගත කිරීමක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.