Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රාජ්‍ය ආයතන වලට ඉන්ධන සඳහා ගෙවීම් සඳහා ඩිජිටල් කාඩ්පත් හඳුන්වා දෙයි

May 22, 2025

මහ බැංකු පොලී අනුපාතය අඩු කෙරේ

May 22, 2025

උද්ධමනය ඉහලට

May 22, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, May 22
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ආසියානු කුසලාන අවසන් මහ තර​ග​ය වාර්තාග​ත අඩු කාලයකින් නිමා​වේ
Events

ආසියානු කුසලාන අවසන් මහ තර​ග​ය වාර්තාග​ත අඩු කාලයකින් නිමා​වේ

Stanly KularathnaBy Stanly KularathnaSeptember 18, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අවසන් මහ තර​​ගයක් අවසන් කළ අඩුම කාලය වාර්තාකළ ඉන්දියානුවෝ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති අවසන් මහ තර​​ගයේදී කඩුළු10 ක පහසු ජයක් වාර්තා කරමින් ආසියානු කුසලානය දිනාගත්හ. පැය එක හමාරක් තුළදී ශ්‍රී ලංකා ඉනිම අවසන් කළ ඉන්දියානුවෝ, විනාඩි 26 ක් තුළදී ලකුණු 51 ක් ලබාගනිමින්, පැය දෙකකටත් (විනාඩි 1l6 ක්) අඩු කාලයක් තුළ සම්පූර්ණ තර​​ගයම නිමා කළහ.

1999 ලෝක කුසලාන අවසන් මහ තර​​ගයේදී පාකිස්තානය (ඕවර 39) ලකුණු 132 කට දැවී ගිය නමුත් එම ලකුණු සංඛ්‍යාව ලබාගැනීම සඳහා ඕස්​ට්‍රේලියානුවෝ ඕවර 20.1 ක් වැය කළහ. එබැවින් එය ඕවර 59.1 ක තරගයක් විය. එහෙත් ඊයේ පැවැති සම්පූර්ණ තරගයම ඕවර 21.3 කට සීමා විය.

දශක පහකට ආසන්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ආසියානු කුසලානය දිනාගැනීමට නම් වැඩිපුර වෙහෙස නොවී ලකුණු 51 ක් ලබාගන්නා ලෙස ඉන්දීය පිතිකරුවන්ට ආරාධනා කළහ. ආරාධනාව සාදරයෙන් බාරගත් ඉෂාන් කිෂන් (නොදැවී 23) සහ ෂුන් ගිල් (නොදැවී 27) පන්දු 37 කදී ලකුණු 51 ක් රැස්කරමින් අට වැනි වරටත් ආසියානු කුසලානය ඉන්දියාවට දිනා දුන්හ.

වෙනදා ආරම්භක පිතිකරුවා වන රෝහිත් ෂර්මා, ආසියානු කුසලානය බාරගන්නට ප්‍රදානෝත්සවය පැවැති පීඨිකාවට පැමිණි නමුත් පිතිහරඹය කෙරෙන අවස්ථාවේදී පැත්තකට වී බලා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50 කට දැවී ගියේ ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද සටහන් කරමිනි. මීට පෙර, වසර 2000 දී පැවැති ආසියාන කුසලාන තරගයකදී බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තානය හමුවේ ලකුණු 87 කට දැවීයාම, එතෙක් මෙතෙක් ආසියානු කුසලාන තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වී තිබිණ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන්නේ 2012 දී දකුණු අප්‍රිකානුවන් හමුවේ පාර් නුවරදී ලකුණු 43 කට​ය. ශ්‍රී ලංකා පිතිකරුවන්ට 1986 දී කොදෙව් පිල හමුවේ සාජාහිදී දැවීගිය ලකුණු 55 පසුකරගත නොහැකි විය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අසාර්ථකම ආරම්භය ශ්‍රී ලංකාවට උරුම කර දුන් ජස්ප්‍රීට් බුම්රා (08/1) සහ මොහොමඩ් සිරාජ් (07/6) එක්ව ලකුණු 12 ක් ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවෝ හය දෙනෙක් ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. ඉනිමේ 12 වැනි ඕවරය නිමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 7 කට 39 කි. එතැන් සිට තවත් ඕවර 3 කදී ශ්‍රී ලංකා ඉනිම නිමා විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්පූර්ණ ඉනිම සඳහා ගතවූයේ යන්තම් පැය එක හමාරක් පමණි.

සිය හොඳම එක්දින පන්දු යැවීම සටහන් කළ මොහොමඩ් සිරාජ් (21/6) සහ පන්දු 6 කින් කඩුලු 3 ක් දවාගත් හර්දික් පාන්ඩ්‍යා (03/3) ශ්‍රී ලංකා ඉනිම විනාශ කළහ. ආසියානු කුසලාන තරගයකදී හොඳම පන්දු යැවීමේ වාර්තාව තවමත් ශ්‍රී ලාංකිකයකු වන අජන්ත මෙන්ඩිස් (13/6) සතුව ඇතත්, එය ලාංකිකයන්ගේ සිත් සතුටු කරගැනීමට ඇති වාර්තාවක් පමණි.

පස්වරු 3.00 ට තරගය ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇද හැළුණු පොද වැස්සක් හේතුවෙන් තරග ආරම්භය විනාඩි 40 කින් පමා වූවද, පස්වරු 5.09 වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබුණේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. පිතිකරු ලයිස්තුවේ පිට දඟ පන්දු යවන්නන් දෙදෙනකුම සිටින බැවින් ඉන්දියානුවන්ට එරෙහිව පන්දු යැවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ 11 දෙනා අතරට පා දඟ පන්දු යවන්නකු වන දුෂාන් හේමන්ත කැඳවන ලදින් ඔහු නොදැවී ලකුණු 13 ක් ලබාගත්තේය.

ශ්‍රී ලංකාවේ මංගල එක්දින තරගයේදීත් (බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 1975 මැන්චෙස්ටර්හිදී) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 86 කට දැවී ගියේය. එදා ශ්‍රී ලංකා පිතිකරුවන් මුහුණ දුන් කොදෙව් පන්දු යවන්නන් අතර ලෝක පූජිත වේග පන්දු යවන්නන් වූ ඇන්ඩි රොබට්ස්, බර්නාඩ් ජූලියන්, වැන්බර්න් හෝල්ඩර් සහ කීත් බොයිස් වැන්නෝත් සිටි නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවන් අසරණ තත්ත්වයකට පත්නොවීය.

Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleApple iPhone 12 ආරක්ෂාව පිළිබඳ UAE අධිකාරිය ප්‍රකාශයක් නිකුත් කරයි
Next Article අබුඩාබි ගුවන් තොටුප​ළේ න​ව පර්යන්ත​යේ පරීක්ෂාවන් සඳහා ස්වේච්ඡා සේවකයන්
Stanly Kularathna

Related Posts

රාජ්‍ය ආයතන වලට ඉන්ධන සඳහා ගෙවීම් සඳහා ඩිජිටල් කාඩ්පත් හඳුන්වා දෙයි

May 22, 2025

මහ බැංකු පොලී අනුපාතය අඩු කෙරේ

May 22, 2025

උද්ධමනය ඉහලට

May 22, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.