එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරුවන් ඔක්තෝබර් පළමුදාට පෙර අනිවාර්ය රැකියා අහිමි රක්‍ෂණයක් සඳහා ලියාපදිංචි විය යුතු බව හෝ දඩයකට මුහුණ දිය යුතු බව මානව සම්පත් සහ එමරාතීකරණ අමාත්‍යාංශය (MoHRE) අනතුරු අඟවා තිබෙනවා.

එමරාතීකරණ අමාත්‍යාංශය විසින් රැකියා විරහිත රක්‍ෂණ යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ඇති UAE පුරවැසියන්​ට සහ පදිංචිකරුවන්ට ඩිරාම් 400 ​ක දඩයක් වළක්වා ගැනීම සඳහා ඔක්තෝබර් 1 වැනිදාට පෙර පද්ධතිය තුළ ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටියේය.

සේවා යෝජකයින්ට තම සේවකයින් පද්ධතිය තුළ ලියාපදිංචි කිරීමට විකල්පය ලබා දී ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය, කෙසේ වෙතත්, “මෙම පද්ධතියට ඇතුලත්වීම හා පිරිවැය දැරීම සේවකයාගේ වගකීම මිස සේවායෝජකයාගේ නොවේ.”

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විරැකියා රක්ෂණය

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම විරැකියා රක්ෂණ යෝජනා ක්‍රමය, ආයෝජකයින් (තමන්ගේ ව්‍යාපාරය අයිති සහ කළමනාකරණය කරන ව්‍යාපාර හිමියන්), ගෘහ සේවිකාවන්, තාවකාලික සේවකයින්, වයස අවුරුදු 18 ට අඩු බාල වයස්කරුවන්, විශ්‍රා​ම වැටුප් ලබන්නන් සහ නව සේවා යෝජකයෙකු සමඟ සම්බන්ධ වී ඇති විශ්‍රාමිකයින් හැර, පුරවැසියන් සහ පදිංචිකරුවන් යන දෙඅංශයේම පුද්ගලික සහ ෆෙඩරල් අංශවල සියලුම සේවකයින්ට අදාළ වේ.

ILOE රක්ෂණ වෙබ් අඩවිය, ILOE ස්මාර් ට්ෆෝන් යෙදුම, කියෝස්ක්, ව්‍යාපාරික සේවා මධ්‍යස්ථාන, මුදල් හුවමාරු සමාගම් සහ බැංකුවල ස්මාර් ට්ෆෝන් යෙදුම් වෙත පිවිසීමෙන් දායකත්වය සම්පූර්ණ කළ හැක.

රක්ෂණ යෝජනා ක්‍රමය කාණ්ඩ දෙකකට බෙදා ඇත:

  • ඩිරාම් 16,000 හෝ ඊට අඩු මූලික වැටුපක් ඇති අය ආවරණය වන පළමු කාණ්ඩයට රක්‍ෂිත සේවකයාගේ රක්ෂණ වාරිකය මසකට ඩිරාම් 5 (වාර් ෂිකව ඩිරාම් 60) ලෙස නියම කර ඇති අතර, උපරිම මාසික වන්දිය ඩිරාම් 10,000 ​වේ.
  • දෙවන කාණ්ඩයට ඩිරාම් 16,000 ඉක්මවන මූලික වැටුපක් ඇති අය ඇතුළත් වන අතර රක්ෂණ වාරිකය මසකට ඩිරාම් 10 (වාර්ෂිකව ඩිරාම් 120) වේ. මෙම කාණ්ඩය සඳහා මාසික වන්දි මුදල ඩිරාම් 20,000 දක්වා සීමා කෙරේ

සේවකයා විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයට අවම වශයෙන් අඛණ්ඩව මාස 12ක්වත් දායක වී ඇති තාක් රක්‍ෂණ වන්දිය ඉල්ලා සිටිය හැක.

සැකසුම් කාලය තුළ ඔහු/ඇය ඔවුන්ගේ පදිංචිය අවලංගු කර රට හැර ගියහොත් හෝ නව රැකියාවකට සම්බන්ධ වූ අවස්ථාවකදී රක්ෂණකරුගේ වන්දි ගෙවීමේ අයිතිය අහිමි වේ.

සේවකයා විනය සඳහා සේවයෙන් පහ නොකළේ නම් හෝ ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වී නැතිනම් රක්ෂණ හිමිකම් ඉදිරිපත් කිරීමෙන් සති දෙකක් ඇතුළත ගෙවීම් සකසනු ලැබේ. වන්දි මුද​ල විරැකියාවට පෙර මාස හය තුළ සාමාන්‍ය මූලික වැටුපෙන් 60% ක අනුපාතයකින් ගණනය කරනු ලබනවා. සෑම හිමිකම් පෑමක්​ම විරැකියා දිනයේ සිට උපරිම වශයෙන් මාස තුනක් ගෙවනු ලැබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වෙලඳපොල ශක්තිමත් කිරීම සහ හොඳම දක්ෂයින් රටට ආකර්ශනය කර ගැනීමට අමතරව විකල්ප රැකියා අවස්ථා ලැබෙන තුරු ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යහපත් ජීවිතයක් සහතික කිරීම සඳහා කම්කරුවන්ට සමාජ ආරක්ෂාව සැපයීම මෙම ක්‍රමයේ අරමුණයි.

Share.

Comments are closed.