ඩුබායිහි, මාර්ග සහ ප්‍රවාහන අධිකාරි​ය (RTA) විසින් ඔවුනගේ පාරිභෝගිකයන්ට සපයනු ලබන සේවාවන් වේගවත්, පහසු සහ විධිමත් කිරීමට නව අති නවීන ස්මාර්ට් කියෝස්ක් 32ක් ඩුබායි නගරය පුරා ස්ථානග​ත කොට තිබෙනවා. වාහන ලියාපදිංචි කිරීමේ කාඩ්පත් අලුත් කිරීමට, වාහන නැවැත්වීමේ ගාස්තුවක් හෝ දඩයක් ගෙවීමට, නොල් කාඩ්පත නැවත ආරෝපණය (recharge) කිරීම ඇතුළු සේවාවන් රැසක් මෙම කියෝස්ක් හරහා සි​ය පාරිභෝගිකයන්ට ලබාදීම සිදුකෙරෙනවා.

කියෝස්ක් මගින් විවිධ වර්ගයේ ඩිජිටල් සේවා 28ක් සපයන අතර මහජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා පැය විසිහතර පුරාම ක්‍රියාත්මකව පවතී. නව කියෝස්ක් ඔවුන්ගේ පරිශීලකයින් සඳහා මුදල්, කාඩ්පත් සහ ස්මාර්ට් ෆෝන් මත NFC තාක්ෂණය හරහා ගෙවීම් ඇතුළු විවිධ ගෙවීම් විකල්ප සපයයි.

RTA විසින්, පාරිභෝගිකයන්​ගේ සතුට ඉහළ නැංවීමේ උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ආභාධි​ත පුද්ගලයින් ඇතුළු සියලු දෙනාට පැය විසිහතර පුරා සිය සේවාවන් සැපයීම සහ භාවිතයේ පහසුව වැඩිදියුණු කිරීම සඳහා උසස් විශේෂාංග සහ නවීන මෝස්තර සහිත නව පරම්පරාවේ ස්මාර්ට් කියෝස්ක් 32ක් එක් කොට තිබෙනවා.

යන්ත්‍රය​ට ඇඟිලි සලකුණු සංවේදකයක්, Credit Card, Debit Card, හෝ එමිරේට්ස් හැඳුනුම්පත ඇතුළත් කිරීමේ ඒකකයක්, NFC ඒකකයක් සහ ගෙවීම් සඳහා කාඩ්පත් විස්තර ඇතුළත් කිරීම සඳහා යතුරු පුවරුවක් සමඟ සක්‍රීය කර ඇති විශාල අන්තර් ක්‍රියාකාරී තිරයකින් සමන්විත වේ.

RTA හි ප්‍රධාන මූලස්ථා​න ගොඩනැගිල්ල, පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන, ප්‍රධාන සේවා සපයන්නන්ගේ මධ්‍යස්ථාන සහ ඩුබායිහි වැදගත් ස්ථාන කිහිපයක් ඇතුළුව කියෝස්ක් ස්ථාපනය කර ඇත.

ඩුබායි රජයේ නියෝග සහ හම්දාන් බින් මොහොමඩ්​ගේ ස්මාර්ට් රාජ්‍ය වැඩසටහනේ අරමුණු වලට අනුකූලව පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා RTA හි නවතම තාක්ෂණයන් භාවිතා කිරීම, රජයේ සේවාවන් වැඩිදියුණු කිරීම, පාරිභෝගික සතුට ළඟා කර ගැනීම, සහ ජාත්‍යන්තර හොඳම භාවිතයන් අනුගමනය කරමින් අවශ්‍ය සහාය ලබා දීම සඳහා ස්මාර්ට් කියෝස්ක් ව්‍යාපෘතිය සාර්ථක උදාහරණයකි.

RTA ප්‍රකාශ කළේ, නව කියෝස්ක් වල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීම සහ අඛණ්ඩව සේවා සංවර් ධනය කිරීම සඳහා ස්වයංක්‍රීය සහ බුද්ධිමත් කාර්ය සාධන අධීක්ෂණ විශේෂාංගයක් මගින් සංලක්ෂිත වන අතර, එය පාරිභෝගිකයින්ට ඵලදායි සහ උසස් තත්ත්වයේ සේවාවන් පැය විසිහතරේම සැපයීමට දායක වන බවයි.

Share.

Comments are closed.