සාජා පොලිසියේ ප්‍රධානී මේජර් ජෙනරාල් සයිෆ් අල් සාරි අල් ෂම්සි, විවිධ වර්ගයේ සයිබර් අපරාධවලින් සමාජය ආරක්ෂා කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරී වැළැක්වීමේ මුලපිරීම් දියත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

වංචා සහ විද්‍යුත් තැපෑල පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ, මාධ්‍ය සහ මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තු​ව විසින් දියත් කරන ලද “දැනුවත් වන්න” ප්‍රචාරණ වැඩසටහනක​ට එක්වෙමින් මේජර් ජෙනරාල් අල් ෂම්සිගේ සංචාරය අතරතුර මෙය සිදුවිය. “ෆොක්ස් සිනමා” සමඟ සහයෝගයෙන් බ්ලැක්මේල් කිරීම පිළි​බඳ​ව සිනමා හල් හරහා ප්‍රජා සාමාජිකයින් දැනුවත් කිරීමේ පණිවිඩ විකාශනය කිරීම මෙහිදී සිදුකෙරිණි.

සයිබර් අපරාධ වැළැක්වීමේ වැදගත්කම හුවා දක්වමින් මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරය දියත් කළ බවත් මෙම ව්‍යාපාරය සංවිධානය කිරීමේදී සාජා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය අගය කිරීමත් සාජා පොලිසියේ ප්‍රධානියා විසින් සිදුකලා.

සාජා පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් ඕමාර් අහමඩ් අබු අල් සූඩ් පැවසුවේ සයිබර් අපරාධ සඳහා ඉදිරිපත් කර ඇති වාර්තා සංඛ්‍යාව 117 ට සාපේක්ෂව 351 දක්වා ඉහළ ගොස් ඇති බවයි. පසුගිය වසරේ එම කාලය තුළ ඉලෙක්ට්‍රොනික වංචා මෙම අපරාධවල ප්‍රමුඛස්ථානය ගත් බවත්, එම කාලය තුළ වාර්තා 11 සිට වාර්තා 60 දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළේය.

වංචනිකයින්ගේ කිසිදු තර්ජනයකට හෝ බ්ලැක්මේල් වලට යටත් නොවන ලෙසත්, සාජා පොලිස් වෙබ් අඩවිය වන “www.shjpolice.gov.ae” හරහා හෝ “0559992158” හෝ “065943228” අංකවලට ඇමතීමෙන් හෝ හදිසි අවස්ථා සඳහා වෙන් කර ඇති 999 අංකය ඇමතීමෙන් අපරාධයන් වාර් තා කරන ලෙසත් සාජා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Share.

Comments are closed.