ඩුබායි ක්‍රීඩා කවුන්සිලයේ (DSC) මහලේකම් Saeed Hareb, විවිධ ජාත්‍යන්තර ශූරතා පැවැත්වීමේදී ඩුබායිහි කීර්තිමත් තත්ත්වය ඉස්මතු කළේය. ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලන සහ සංවිධානවල මූලස්ථානයට සත්කාරකත්වය සැපයීමට අමතරව, ක්‍රීඩා ශූරතා සහ ආයතන වෙත සාර්ථකත්වය සහ ආකර්ෂණය පවත්වාගැනීම වෙනුවෙන් ස්තූතිවන්ත විය.

වාර්ෂිකව එමිරේට්ස් හි පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි, ලොව පුරා සිටින ලෝකපූජි​ත තරු ප්‍රමුඛ කණ්ඩායම් සහ රසිකයින්ගේ ආකර්ෂණය ලබාගත් අනෙකුත් විවිධ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් අතර ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්කම සහ එහි සුවිශේෂී තත්ත්වයද ඔහු තහවුරු කළේය.

ඩුබායිහි ක්‍රිකට්

ඩුබායි නගරයේ ක්‍රීඩා පහසුකම්වලට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මූලස්ථානයට සත්කාරකත්වය ලබාදීමෙන් UAE රාජ්‍යය, ක්‍රීඩාවට දක්වන වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය සහ ආසියානු ක්‍රිකට් සම්මේලනය සමඟ සහයෝගීතාව ඉහළ නැංවීමට ඩුබායි ක්‍රීඩා කවුන්සිලය (DSC) දක්වන උනන්දුව හරෙබ් පැහැදිලි කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංස්කෘතිය වර්ධනය කිරීම සහ ප්‍රචලිත කිරීම අරමුණු කර ගෙනයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාර් ක්ලේ සහ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති කාලිඩ් අල්-සරූනි ඩුබායි ක්‍රීඩා කවුන්සිලය වෙත ගිය අවස්ථාවේදී මෙම පුවත නිවේදනය කලේ​ය.

ග්‍රෙග් බාර්ක්ලේ ප්‍රකාශ කළේ, “මම බොහෝ වාරයක් ඩුබායි වෙත සංචාරය කොට තිබෙනවා. කෙසේ වෙතත්, මෙම සංචාරය අතරතුර, ඩුබායි ක්‍රීඩා කවුන්සිලය සහ එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි. “ඩුබායි යනු සුවිශේෂී පහසුකම් සහ ප්‍රමුඛ ආයතනික අත්දැකීම් නිසා, ක්‍රීඩා ඉසව් සහ ශූරතා සඳහා සත්කාරකත්වය සැපයිය හැකි සුවිශේෂී ගමනාන්තයකි”.

Share.

Comments are closed.