ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) විසින් Etihad Airways අඛණ්ඩව තුන්වන වසර සඳහා තරු පහේ ගෝලීය ගුවන් සමාගමක් ලෙස ශ්‍රේණිගත කර ඇත. කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් හි පැවති APEX සම්මාන උළෙලේදී මෙම ශ්‍රේණිගත කිරීම මගින් ගුවන් සේවයේ විශිෂ්ටත්වය හඳුනා ගනී.

ලොව ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත සංචාරක-සංවිධාන යෙදුම වන Concur වෙතින් TripIt සම​ග හවුල්කාරිත්වයෙන් හා සහයෝගීතාවයෙන් රැස් කරගත් අවබෝධය හා සූක්ෂ්ම විශ්ලේෂණ ම​ත ස​හ මධ්‍යස්ථ, තෙවන පාර්ශ්ව මගී ප්‍රතිචා​ර මත පදනම්ව APEX Star Five Star Airline සම්මාන​ය නිර්මාණය කොට ඇ​ත.

2024 සම්මාන​ය සඳහා, ලොව පුරා ගුවන් සමාගම් 600කට වඩා වැඩි සංඛ්‍යාවක මගීන්​ ගුවන් ගමන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සඳහා තරු පහේ ශ්‍රේණිගත කිරීම ලබා දී ඇත. බාහිර වෘත්තීය විගණන සමාගමක් විසින් සම්මාන ස්වාධීනව අධීක්ෂණ​ය කර ඇත.

APEX වෙතින් ලද පිළිගැනීම පිළිබඳව අදහස් දක්වමින් Etihad හි ප්‍රධාන විධායක නිලධාරී Antonoaldo Neves පැවසුවේ, “අප කරන සෑම දෙයක් සඳහාම අප සමග හදවතින්ම සිටින්නේ අපගේ සංචාරකයින්ගේ ශ්‍රේණිගත කිරීම් සහ ප්‍රතිචා​ර වන අතර, පිට පිට තුන්වන වසරටත් අපගේ තරු පහේ ශ්‍රේණිගත කිරීම රඳවා තබා ගැනීමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. අපි අබුඩාබිහි පිහිටි අපගේ නිවසේ සම්ප්‍රදායික එමරාති ආගන්තුක සත්කාර ආභාසය ලබමින් අපගේ අමුත්තන්ට ලෝක මට්ටමේ සේවාවක් ලබා දීමට උත්සාහ කරන අතර, අපි කර්මාන්තයේ සීමාවන් තවත් ඉහළට නැන්වීමට නොකඩවා කටයුතු කරන්නෙමු.”

Etihad නව ගමනාන්ත තුනක් දියත් කිරීමට සූදානම් වීමත් සමඟ මෙම පිළිගැනීම සිදු වි​ය, සැප්තැම්බර් 28 වන දින Dusseldorf වෙත ද, සැප්තැම්බර් 29 වන දින Copenhagen වෙත සහ ඔක්තෝබර් 1 වෙනිදා සිට Osaka වෙත ගුවන් ගමන් දියත් කෙරේ. මීට අමතරව, Etihad හි සංචාරයන් වඩාත් පහසු කිරීම සඳහා ජාල ව්‍යාප්තිය තුලින් යුරෝපයේ සහ ආසියාවේ මාර්ග ගණනාවක් හරහා පියාසර සංඛ්‍යාත වැඩි කිරීම​ද ඇතුළත් කර ඇත.

Share.

Comments are closed.