සංගීතයට, නැටුමට, විනෝදයට, කැමති බොහොමයක් දෙනා වෙනුවෙන් රෂ් ඉවෙන්ට් සාදරයෙන් ඉදිරිපත් කෙරෙන හෙක්ටර් ඩයස් විත් ඩී-මේජර් සංගීත රාත්රිය ඔක්තෝබර් 28 වෙනිදා ඩුබායි මිලේනියම් ප්ලාසා ඩවුන්ටවුන් හෝටලයේදී රාත්රී 8:00 සිට පැවැත්වෙනවා.
මෙම සංගීත රාත්රිය වර්ණවත් කරන්නට දිගුවිරාමයකට පසු ඩුබායි වෙත පැමිණන හෙක්ටර් ඩයස් විත් ඩී-මේජර් සංගීත කණ්ඩායම සමග උමාරියා සිංහවංශ සහ උමාරා සිංහවංශත් දායක වනවා.
කලකට පසු උදාවන අසීමාන්විතව විනෝදකාමී සංගීතවත් වූ පරිසරයක මිහිර අත්විඳිමින් සංගීතයෙන්, නැටුමින්, ආහාර පානාදියෙන් විනෝදය ලබන්නට තම ආදරණීයන් හා පවුලේ සැම සමගින් එක්ව විනෝදවන්නට ජීවිතයේ අමතක නොවන මතක සටහනක් එක්කරගන්නට මෙය අවස්ථාවක් කරගන්නයි මේ ආරාධනා.
ඉතා සීමිත ආසන ප්රමාණයක් ඉතිරිව ඇති බැවින් ඔබේ ටිකට් පතත් අදම මිලදී ගන්න. ටිකට්පත් මිළදී ගැනීම සහ වැඩි විස්තර සඳහා දුරකථන ඇමතුම් මගින් හෝ WhatsApp මගින් ලක්මාල් 056-9457189, හෝ ක්රිස්ටීන් 056-2589043 ඔස්සේ සම්භන්ධ කර ගත හැකියි.