ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකාව සමග පැවැති පුහුණු තරගය කඩුළු 7කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වීය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට පන්දුවාර පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 263ක් පමණී.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පැතුම් නිශ්ශංක පන්දු 64කදී ලකුණු 68ක් රැස්කර ගැනීමට සමත් වූ අතර ධංජනය ද සිල්වා පන්දු 79කදී ලකුණු 55ක් රැස්කර ගැනීමට සමත් විය. කුසල් පෙරේරා ලකුණු 34ක් රැස්කර ගෙන සිටියද ආබාධායට ලක්විය.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මහේදි හසන් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි බංග්ලාදේශ පිල පන්දුවාර 42කදී කඩුළු 3ක් දැවී ලකුණු 264ක් රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය. බංග්ලාදේශ පිල වෙනුවෙන් වීශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ටැන්සිඩ් හසන් ලකුණු 84ක් රැස්කර ගත්තේය. නායක මෙහෙඩි හසන් මිරාස් නොදැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 67කි. ලිටන් දාස් ලකුණු 61ක් රැස්කර ගැනීමට සමත් විය.

Share.

Comments are closed.