E-ස්කූටර් සහ බයිසිකල් UAE හි අතිශයින් ජනප්‍රිය වී ඇත්තේ ඒවායින් ලබා දෙන පහසුව හේතුවෙනි. එමනිසා ඒවා රටේ වීදිවල සාමාන්‍ය දසුනක් බවට පත්ව ඇත. කෙසේ වෙතත්, ආරක්ෂාව සහතික කිරීම සඳහා ඩුබායිහි මාර්ග නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව අධිකාරිය දන්වාසිටී. මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) පසුගියදා උපදේශනයක් නිකුත් කරමින්, වැසියන්ට සහ සංචාරකයින්ට නම් කරන ලද ධාවන පථවල පමණක් බයිසිකල් සහ ඊ-ස්කූටර පදින්නැයි මතක් කර දුන්නේය.

බයිසිකලයක් හෝ ඊ-ස්කූටරයක් පැදීමේදී සැලකිලිමත් විය යුතු දඩ 7ක් හඳුන්වා දී තිබෙනවා:

1. බයිසිකලයේ හෝ විදුලි බයිසිකලයේ අමතර මගියෙකු රැගෙන යන්නේ නම් – ඩිරාම් 200

2. ඊ-ස්කූටරයේ මගියෙකු රැගෙන යන්නේ නම් – ඩිරාම් 300

3. අවශ්‍ය ආරක්ෂිත ආම්පන්න සහ හිස්වැසුම් පැළඳීමට අපොහොසත් වීම – ඩිරාම් 200

4. නම් කරන ලද ධාවන පථවල RTA හි වේග සීමාවන් පිළිපැදීමට අපොහොසත් වීම – ඩිරාම් 100

5. ඔබ ඔබේ සහ අන් අයගේ ජීවිතයට අනතුරක් වන අයුරින් බයිසිකලයක් පැදවුවහොත් – ඩිරාම් 300

6. මාර්ගවල සහ මාර්ග දිශානුගත සංඥාවලට අනුකූල නොවීම – ඩිරාම් 200

7. වයස අවුරුදු 12 ට අඩු ළමුන් වැඩිහිටියකුගේ සහාය නොමැතිව බයිසිකල් පැදීම – ඩිරාම් 200

අනුගමනය කළ යුතු නීති

RTA විසින් සමාජ මාධ්‍යවල උපදේශනයක් නිකුත් කර ඇති අතර, දඩ මුදල් වලක්වා ගැනීමට අනුගමනය කළ යුතු නීති රීති වැසියන්ට මතක් කර දී ඇත.

නේවාසික ප්‍රදේශවල සහ වෙරළ තීරයන්හි නම් කරන ලද ධාවන පථ සඳහා උපරිම වේගය පැයට කිලෝමීටර 20 ක් වන අතර පදවන්නන්, නම් කරන ලද ධාවන පථ සහ රථවාහන දිශාවන් පිළිපැදිය යුතුය.

ඊ-ස්කූටරයේ මගියෙකු රැගෙන යාම ද තහනම් වන අතර වයස අවුරුදු 12 ට අඩු ළමයින් වැඩිහිටියෙකු සමඟ සිටිය යුතුය.

Share.

Comments are closed.