එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීහු ඔක්තෝබර් 11 වැනි දින “ලොව පුරා අන්තර්ජාල සේවා ඇනහිටීමක්” පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කර ඇත. විදුලි සංදේශ සහ ඩිජිටල් රාජ්‍ය නියාමන අධිකාරිය (TDRA) එවැනි මෑත වාර්තා අසත්‍ය බව ප්‍රකාශ කළේය.

“අනවශ්‍ය කනස්සල්ලෙන් වැළකී සිටීමට නිවැරදි තොරතුරු සඳහා අපගේ නිල නාලිකා මත පමණක් විශ්වාසය තබන ලෙස අපි සෑම කෙනෙකුටම දැඩි ලෙස දිරිමත් කරන්​නෙමු,” අධිකාරිය X වේදිකාවේ පළ කළේය.

සමාජ මාධ්‍යවල ප්‍රචලිත වෙමින් පවතින වීඩියෝවක දැක්වෙන්නේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු “සීමිත කාලයක්” සඳහා අන්තර් ජාල සේවා කපා හරින බව පැහැදිලිවම ප්‍රකාශ කරන බවයි.

කෙසේ වෙතත්, අරාබි මාධ්‍ය වාර්තා කරන්​නේ, මෙය පැරණි වීඩියෝවක් හඬ එක්කිරීමෙන් වෙනස්කොට නිර්මාණය කොට ඇති එකක් බවයි.

සමාජ මාධ්‍යවල ජනප්‍රිය වෙමින් පවතින අනෙකුත් ‘වාර්තා’ පවසන්නේ ඔක්තෝබර් 11 වන දින සිදු ව​න බිඳවැටීම ‘සූර්ය කුණාටුවක’ ප්‍රථිඵලයක් ලෙස සිදුවන්නක් බවයි.

එදින අන්තර්ජාල සේවාවන්හි කිසිදු බාධාවක් සිදු නොවන බව TDRA ස්ථිරවම ප්‍රකාශ කො​ට ඇත.

Share.

Comments are closed.