Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»තරුෂි ලක් මෑණියන් රනින් සරසයි
Events

තරුෂි ලක් මෑණියන් රනින් සරසයි

Stanly KularathnaBy Stanly KularathnaOctober 5, 2023Updated:October 5, 2023No Comments5 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වසර 21 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක දී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩාවෙන් රන් පදක්කමක් දිනා දීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහලේ සිසුවියක් වන 18 හැවිරිදි තරුෂි දිල්සරා කරුණාරත්න සමත් වූවාය.

චීනයේ හංජෝ නුවර දී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 (කාන්තා) ඉසව්වට ඊයේ (4) පස්වරුවේ තරග වැදුණු ළාබාල තරුෂි රටවල් හතක ක්‍රීඩිකාවන් පරාජයට පත්කරමින් විනාඩි 2 තත්පර 03.20කට මෙම වාර්තාගත විශිෂ්ට ධාවනයේ යෙදුණාය.

එහිදී ඇය සටනකින් තොරව ක්‍රීඩිකාවන් හත් දෙනකුම පරාජය කිරීමට සමත් වූ අතර මෙම ඉසව්වේ තරග වැදුණු සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන ගයන්තිකා අබේරත්නට විනාඩි 2 තත්පර 05.87 කට හිමිවූයේ අටවැනි (අවසන්) ස්ථානයයි.

තරුෂි කරුණාරත්නගේ ඊයේ දස්කම් තවදුරටත් කැපී පෙණුනේ තවත් විනාඩි 50 කට පසුව ආරම්භ වූ මීටර 4 x 400 (කාන්තා) ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට තරග වදිමින් එහි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට ද ඇය දායක වීමයි.

වලල ඒ. රත්නායක මැදි විදුහලේ වාණිජ විෂයන් හදාරමින් මෙම වසරේ දී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් පසුවන තරුෂි දිල්සරා මෙම වසරේ දී අන්තර් ජාතික මලල ක්‍රීඩා තරගාවලි තුනකට සහභාගි වෙමින් රන් පදක්කම් තුනක් ඇතුළුව මුළු පදක්කම් අටක් දිනා ගැනීමට මෙතෙක් සමත්ව සිටියි.

කොරියාවේ දී පැවැති 2023 ආසියානු කනිෂ්ඨ (වයස 20න් පහළ) තරගාවලිය, තායිලන්තයේ දී පැවැති 2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඇය මීට පෙර රන් පදක්කම් දෙකක් ඇතුළුව පදක්කම් හයක් දිනා ගැනීමට සමත් වූ මෙම වසරේ දී සහභාගි වූ තරගාවලි දෙකකි.

ඊයේ වන විට ඇය ජාත්‍යන්තර පදක්කම් අටක් දිනා ගැනීමේ දී ගතකර ඇත්තේ මාස පහකට අඩු කාලයකි. තරුෂිගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ වලල ඒ. රත්නායක මැදි විදුහලේ දීර් ඝ කාලයක් තිස්සේ ප්‍රධාන මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරන සුසන්ත ප්‍රනාන්දු මහතාය. ඔහු අවසන් මොහොතේ දී මෙම තරග සංචාරයට ඇතුළත් කළේ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ නියමය පරිදිය.

තරුෂි පසුගිය කාලයේ දී වඩාත්ම අවධානය දිනා ගත්තේ 2023 ජූලි මාසයේ තායිලන්තයේ දී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී මීටර 800 (කාන්තා) ඉසව්ව නව ආසියානු තරග වාර්තාවක් පිහිටුවමින් ජය ගැනීමට සමත්වීමෙනි. එහිදී ඇගේ වාර්තාගත ධාවන නිමි කාලය විනාඩි 2 තත්පර 00.66 ක් වූවාය.

එහිදී මීටර 4×400 කාන්තා සහ එහි මිශ්‍ර සහය දිවීමේ ඉසව්වන්හි රිදී පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකටමත් ඇය ඇතුළත් වූවාය. මලල ක්‍රීඩා ඉසව්වක මීට පෙර ආසියානු ක්‍රීඩා රන් පදක්කමක් දිනා ඇත්තේ වසර 2002 බූසාන් ක්‍රීඩා උළෙලේ දී සුසන්තිකා ජයසිංහ (මීටර 100 කාන්තා) හා දමයන්ති දර්ශා (මීටර 400 – කාන්තා) විසිනි.

මීටර් 800 කාන්තා හෝ පිරිමි ඉසව්වක ආසියානු ක්‍රීඩා පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ලෙසත් තරුෂිගේ ඊයේ ජයග්‍රහණය කැපී පෙනේ. මීටර් 800 (කාන්තා) ඉසව්වේ ඊයේ රිදී පදක්කම ඉන්දීය ක්‍රීඩිකා හාමිලන්බයින්ස් විසින් විනාඩි 2යි තත්පර 03.75කට හිමි කරගත්තාය. විනාඩි 2යි තත්පර 03.90කට එහි ලෝකඩ පදක්ම අත්කරගත්තේ, චීන ක්‍රීඩිකා චූන්යූ වෑන්ග් විසිනි.

මේ අතර, තරුෂි කරුණාරත්න, සයුරු මෙන්ඩිස්, ජයෙෂි උත්තරා හා නදීෂා රාමනායකගෙන් සමන්විත ශ්‍රී ලංකා මීටර් 4×400 (කාන්තා) සහාය දිවීමේ කණ්ඩායම විනාඩි 3යි තත්පර 30.88කට ඉසව්වේ ලෝකඩ පදක්කම ඊයේ දිනා ගැනීමට සමත් වූයේ, එහි නව ශ්‍රී ලංකා වාර් තාවක් පිහිටුවමිනි.

මෙහි රන් පදක්කම දිනාගත්තේ, බහරේන් කණ්ඩායමයි. ඒ, විනාඩි 3යි තත්පර 27.65කට නව ආසියානු ක්‍රීඩා තරග වාර් තාවක් පිහිටුවමිනි. විනාඩි 3යි තත්පර 27.85කට රිදී පදක්කම ඉන්දියාවට හිමි විය.

හංජෝ නුවරදී පසුගිය සැප්තැම්බර් 19 වැනිදා සිට 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් පැවැත්වෙන අතර, ඊයේ දිනය ශ්‍රී ලංකාවට වඩාත් සුවිශේෂී විය. ඒ, මීටර් 4×400 (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද ඊයේ ශ්‍රී ලංකාව සමත් වීමයි. අනුර දර්ශන, කේෂාන් පබසර, රාජිත රාජකරුණා හා කාලිංග කුමාරගේ විනාඩි 3යි තත්පර 02.55කට එහි නව ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවමින්, මෙම අනභිභවනීය දස්කම හංජෝ නුවරදී දැක්වීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මලල ක්‍රීඩා ප්‍රතිවාදියා වන ඉන්දියාව විනාඩි 3යි තත්පර 01.52කට මෙහි රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. ඒ, කටාර් කණ්ඩායමට විනාඩි 3යි තත්පර 0205කට රිදී පදක්කම ඉතිරි කරමිනි.

ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා කාන්තා සහාය දිවීමේ ඉසව්වකදී ආසියානු ක්‍රීඩා උළෙලක පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙයයි. මීටර් 4×400 (පිරිමි) ඉසව්වේ අවසන් වරට ශ්‍රී ලංකාව 2006 ‘ඩෝහා’ ආසියානු ක්‍රීඩා උළෙලේදී මේ අන්දමට ලෝකඩ පදක්කමක් දිනා තිබේ.

ශ්‍රී ලංකාව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී දිනාගත් මලල ක්‍රීඩා පදක්කම් හතරත් සමග 1951දී ආරම්භවූ ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මේ දක්වා මලල ක්‍රීඩා රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 6ක් හා ලෝකඩ පදක්කම් 14ක් (එකතුව 31) දිනා තිබේ. සෙසු එකම රන් පදක්කම මේ දක්වා ශ්‍රී ලංකාව ක්‍රිකට් (විස්සයි 20) පිරිමි ඉසව්වෙන් දිනා ඇත්තේ, 2014 ඉන්චියොන්ග් ක්‍රීඩා උළෙලේදීය.

කෙසේ වුවත්, සඳහන් කළ හැකි විශේෂිත කාරණය වන්නේ, ඊයේ ලෝකඩ පදක්කම දිනූ ශ්‍රී ලංකා සහාය දිවීමේ (පිරිමි) කණ්ඩායම ජුලි මාසයේ තායිලන්තයේ පැවැති ආසියානු ශූරතා තරගාවලියේදී විනාඩි 3යි තත්පර 0156කට ඉන්දියාව දෙවැනි තැනට පත් කරමින්, නව ආසියානු වාර් තාවක් පිහිටුවමින් ඉසව්ව ජය ගැනීමට සමත් වීමයි.

ශ්‍රී ලකාවේ ඊයේ මලල ක්‍රීඩා සුවිශේෂී දස්කම් හමුවේ ඔවුන් පදක්කම් සටහනේ එතෙක් සිටි 27 වැනි ස්ථානයේ සිට 23 වැනි ස්ථානය දක්වා ඉහළට ළඟා විය. ක්‍රිකට් (කාන්තා) ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීම හැරෙන්නට පෙරේදා (3 වැනිදා) ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.

ඉරිදා (8 වැනිදා) නිමාවට පත්වන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමස්ත ජයග්‍රාහකයා බවට එහි ආරම්භයේ පටන් තහවුරු කළ සත්කාරක චීනය අද දිනය නිමා වී රන් පදක්කම් 171ක් (මුළු පදක්කම් 316ක්) දිනා තිබුණි.

ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාව ඒ වන විට රන්පදක්කම් 18ක්, රිදී පදක්කම් 31ක් හා ලෝකඩ පදක්කම් 32ක් (එකතුව 80) දිනා පදක්කම් සටහනේ සිව් වැනි ස්ථානයේ පසු විය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE විදුලි සංදේ​ශ අධිකාරිය, WhatsApp ගිණුම හැක් වුවහොත් අනුගමනය කිරීමට පියවර හඳුන්වා දෙයි
Next Article ජනවාරි​යේ සිට රසල් කයිමාහි ප්ලාස්ටික් බෑග් තහනම්
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.