Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»පිතිකරුවන්ගේ සටනින් දකුණු අප්‍රිකාවට ජය
Events

පිතිකරුවන්ගේ සටනින් දකුණු අප්‍රිකාවට ජය

Stanly KularathnaBy Stanly KularathnaOctober 8, 2023No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දෙපිලේම පිතිකරුවන්ගේ කැපී පෙනුන දස්කම් හමුවේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති ලෝක කුසලාන එක්දින තරගයෙන් ලකුණු 102 ක පහසු ජයක් වාර් තා කිරී​මට දකුණු අප්‍රිකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 429 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ, ඕවර 44.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 326 ක් රැස්කරමින් පරාජයේ පරතරය අඩුකර ගැනීමට සමත් වූහ.

කණ්ඩායමේ දෙකේම පන්ඳු යවන්නන්ට අමිහිරි මතකයක් බවට පත්වූ මෙම තරගය හුදෙක් පිතිකරුවන් අතර පැවැති සටනක් ලෙස හැඳින්විය හැකිය. ලෝක කුසලාන තරගයකදී කණ්ඩායම් දෙකම එක්ව රැස්කර තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර් තාව (714) බිඳ දැමීමට මෙම තරගයේදී (754) ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමත් වූ අතර ලෝක කුසලාන තරගයකදී වාර් තා වූ වැඩිම හයේ සහ හතරේ පහර සංඛාවේ වාර් තාවද (93) මෙම තරගයේදී (105) අලුත් විය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යද්දී, එක් අන්තයක සිට ප්‍රහාරය ක්‍රියාත්මක කරමින් අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස්, පන්දු 42 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 4 ක් සමග වේගවත් ලකුණු 76 ක් රැස්කළේය. දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් මායිම් නොකළ මෙන්ඩිස්, මාකෝ ජැන්සන්ට හයේ පහර 3 කින්ද, ලුංගින්ගිඩිට හයේ පහර 3 කින්ද, කගිසෝ රබාඩාට හයේ පහර 2 කින්ද සංග්‍රහ කළේය.

මෙන්ඩිස්ගේ දැවීයෑමෙන් අනරතුව වගකීම අතට ගත් චරිත් අසලංක, පිටිය සිසාරා පහර එල්ල කරමින් පන්දු 65 කදී ලකුණු 79 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. කලකට පසුව යළිත් සිය සුපුරුදු රිද්මයට අවතීර් ණ වූ නායක දසුන් ශානකද පන්දු 62 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 68 ක් රැස්කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

අසලංක සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 82 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දසුන්, ඉන් නොනැවතී කසුන් රාජිත (33) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 58 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ පසුපෙළ සවිමත් කළේය. එහිදී පන්දු 31 කට මුහුණදුන් රාජිතගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් අන්තර් ගත විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී වාර් තාගත ලකුණු 428 ක් ලබාගත්තේය. ඉන් ලකුණු 137 ක්ම වාර්තා වූයේ අවසන් ඕවර 10 තුළය. එය ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වූ අතර ලෝක කුසලාන තරගයකදී දකුණු අප්‍රිකාව ලකුණු 400 සීමාව ඉක්මවා ගිය තෙවැනි අවස්ථාවද විය.

ආරම්භක පිතිකරු ක්වින්ටින්ඩි කොක් (100), රාස් වැන්ඩර් ඩසන් (108) සහ ඒඩ්න් මාක්‍රම් (106) ශතක ලබාගනිමින් එම වාර්තාගත ලකුණු සංඛ්‍යාව කරා යෑමට දකුණු අප්‍රිකාවට මග පෑදූහ. එහිදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහරදුන් දකුණු අප්‍රිකානු පිතිකරුවෝ, මතීෂ පතිරණගේ ඕවර 10 දී ලකුණු 95 ක්ද, කසුන් රාජිතගේ ඕවර 10 දී ලකුණු 90 ක්ද බැගින් රැස්කළහ.

මුලු ලකුණු සංඛ්‍යාව 10 ක්ව තිබියදී දිල්ෂාන් මධුෂංකගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් නායක ටෙම්බා බවුමා දකුණු අප්‍රිකානු ඉනිමේ ලකුණු 8 කට දැවී ගියේය. එතැන් පටන් ඩිකොක් සහ වැන්ඩර් ඩසන් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 174 කදී ලකුණු 204 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකාවට සාර් ථක ආරම්භයක් ලබාදුන්හ.

එම සම්බන්ධතාව හමුවේ 30 වැනි ඕවරය නිමාවන විට දකුණු අප්‍රිකාව ලකුණු 206 කට එක් කඩුල්ලක් ලෙස ඉතා ප්‍රභල තත්ත්වයක පසුවිය. කෙසේ වුවත් 31 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට 4 පහරක් එල්ල කරමින් ශතකය ලබාගත් ඩිකොක්, ඊළඟ පන්දුවේදී මිඩ් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.

පන්දු 84 කදී වාර් තා වූ ඩිකොක්ගේ 18 වැනි එක්දින ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින් සමන්විත වූ අතර පන්දු 10 කට මුහුණදුන් ඩසන් හයේ පහර 2 කින් සහ හතරේ පහර 13 කින් සිය 5 වැනි එක්දින ශතකය සැරසුවේය. වැන්ඩර් ඩසන් දැවී ගියේ සීමා ඉරෙන් ඉදිරියට ගැසූ පහරකින් ඇදී ගිය පන්දුව ලෝන් ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි සදීර සමරවික්‍රමගේ දෑත් අතර සිරවීම හේතුවෙනි.

ඩිකොක්ගේ දැවී යෑමෙන් අනතුරුව වැන්ඩර් ඩසන් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 50 ක් එක්කළ ඒඩ්න් මාක්‍රම්, ඉන් නොනැවතී හෙන්රිච් ක්ලාසන් (32) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 36 කදී වේගවත් ලකුණු 78 ක්ද එක් කළේය. ඒ අතරතුර පන්දු 54 කදී ලබාගත් වේගවත් ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 14 කින් අලංකාර කිරීමටද මාක්‍රම් සමත් විය.

තරගය පුරා ශ්‍රී ලංකා පන්දු රකින්නන් ඉතා දුෂ්කර පන්දු රැකීමක නිරත වූ අතර එහිදී ඔවුන් අතින් උඩ පන්දු 5 ක් සහ එක් දුවද්දී දවාගැනීමට තිබූ අවස්ථාවක් මඟහැරී ගිය අයුරු දක්නට ලැබිණ. එම උඩ පන්දු 5 න් 3 ක් සහ දුවද්දී දවාගැනීමට තිබූ අවස්ථාව ශතක ලබාගත් ඩිකොක්ගේ සහ වැන්ඩර් ඩසන්ගේ වීමද, ඔවුන් එම අවස්ථා ලබාදුන්නේ ශතක ලබාගැනීමට පෙරාතුව වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE මැතිවරණ ඉතිහාසයේ පළමු වරට අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කරයි
Next Article කොරියාවෙන් ශ්‍රී ලංකාව​ට නෞකා තැනීමේ පුහුණු මධ්‍යස්ථානයක්
Stanly Kularathna

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.