මිනිසුන්ට තුවාල සිදු කර, රථවාහන අනතුරක් සිදු වූ ස්ථානයෙන් පලා යාම බරපතල වරදක් වන අතර එයට එරෙහි​ව මුදලින් දඩ සහ/හෝ සිරදඬුවම් ඇතුළු දැඩි දඬුවම් හිමිවෙනු ඇ​ත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති දෙපාර්තමේන්තු​ව ෆෙඩරල් රථවාහන නීතිය සහ අනතුරක් සිදු වූ ස්ථානයෙන් පලා යාම සඳහා දඬුවමක් ලෙස එය​ට නියම කරන දඬුවම් පිළිබඳව දැනුවත් කිරීම සිදු කළේය.

පසුගියදා සිය සමාජ මාධ්‍ය නාලිකාවල සටහනක් තබමින්, නීතිපති දෙපාර්තමේන්තු​ව ප්‍රකාශ කළේ පුද්ගලයන්ට තුවාල සිදු කරන රථවාහන අනතුරක් සිදුවූ ස්ථානයේ නොනැවතීම, ඩිරාම් 20,000 ​කට නොඅඩු දඩයකට හෝ සිරගත කිරීමක් යන මෙම දඬුවම් දෙකෙන් එකක් හිමිව​න අපරාධයක් ලෙස සලකන බවයි.

මෙය රථවාහන සහ එහි සංශෝධන සම්බන්ධයෙන් 1995 අංක 21 දරන ෆෙඩරල් නීතියේ 49 වන වගන්තියේ 5 වන ඡේදයට අනුවය.

ඔබ රිය අනතුරකට ලක් වූ විට ඔබ කළ යුත්තේ 999 (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕනෑම තැනක සිට) පොලිසියට අමතන්න. අනතුර ගැන ඔවුන්ව දැනුවත් කරන්න, ඔබේ ස්ථානය සඳහන් කරන්න සහ ඔවුන්ගේ උපදෙස් සඳහා රැඳී සිටින්න. මතක තබා ගත යුතු කාර​ණය වන්​නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියළු​ම රථවාහන අනතුරු වාර්තා විය යුතු​ය.

ඔබට හෝ අනතුරට සම්බන්ධ ඕනෑම කෙනෙකුට තුවාල සිදුවුවහොත්, සියලුම වාහන තිබෙන ස්ථානයේම තබා ගිලන් රථයක් එනතුරු බලා සිටීම වඩාත් සුදුසුය.

එය සුළු අනතුරක් නම් සහ කිසිවෙකුට හානියක් නොවී ඇත්නම්, ගමනාගමනය අවහිර නොකිරීමට ඔබේ මෝටර් රථය ආරක්ෂි​ත මංතීරුවට (shoulder lane) ගෙන යා හැකිය. ඔබේ මෝටර් රථයේ සිට අවම වශයෙන් මීටර් 15 ක් දුරින් ඔබ පොලිසිය එනතුරු බලා සිටිය යුතුය.

Share.

Comments are closed.